subscribe

සියලූ ලෝකය කෙරෙහි ඇල්ම දුරුකර ගනිමු

සියලූ ලෝකය කෙරෙහි ඇල්ම දුරුකර ගනිමු

පසුගිය ළිපියෙන් මේ පින්වතුන්ට විස්තර කරල දුන්න මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන ආයතන ගැනත් රූප, ශබ්ධ, ගන්ධ, රස, පහස, අරමුණු කියන බාහිර ආයතන ගැනත් අවබෝධයෙන් යුතුව අකමැත්ත ඇතිවන ආකාරයට, කැමැත්ත දුරුවන ආකාරයට ධර්මය තේරුම් ගන්නා ආකාරය පිළිබඳව. මේ ආයතන අපට දුක් උපද්දල දෙන හතුරො විදිහට තේරුම් ගන්න. එතකොට අපිට අධ්‍යාත්මික ආයතන ගැනත්,බාහිර ආයතන ගැනත් මේ සියලූ ලෝකය කෙරෙහිම ඇල්ම දුරු කර ගන්ට පුළුවන් සංඥාව අප තුළ පුරුදු කර ගන්ට පුළුවන් කලක් එනවා. සංඥාව කියල කියන්නේ හිතේ පිහිටුවා ගන්න දෙයක්. මේ කුසලය හිතේ සංඥාවක් විදිහට පිහිටුවා ගන්ට අපි වෑයම් කරන්ට ඕනැ. පිහිටුවා ගෙන දියුණු කර ගන්ට ඕනැ. ඉතින් සංඥාවක් විදිහට මේ ධර්මය පුරුදු කර ගන්ට පෙර අපි සියලූ ලෝක කෙරෙහි අකමැත්ත උපදවා ගන්ට ඕනැ. අකමැත්ත උපදවා ගන්ට පුළුවන් වෙන්නේ මේ ධර්මය හොඳින් කල්පනා කිරීමෙන්. බැඳිල ගිහිල්ල දුක් උපදින ආකාරය හොඳින් තේරුම් ගත්තොත් තමා අකමැත්ත උපදවා ගන්ට පුළුවන්කම තියෙන්නෙ. අන්න ඒ විදිහට මේ ධර්මය හොඳින් තේරුම් ගන්ට බලන්න.

අධ්‍යාත්මික හෝ බාහිර අයතන ගැන අකමැති ස්වභාවය ඇතිකර ගන්ට හැකි හෑම වෙලාවකදීම කටයුතු කරන්න. දැන් දැන් ඉදලම පුරුදු වෙන්ට ඕන. නිතර කරන්ටත් ඕනැ. අපිට රාග ගින්න එනකොටම මේ දුක් පීඩාව ඇති වුනේ මෙහෙමයි කියල හිතන්න පුළුවන් වෙන්ට ඕනැ. එතකොට එයා ධර්මයට අනුව කල්පනා කරන කෙනෙක්. එතකොට ද්වේෂය ආවාමත් එහෙම හිතන්ට පුළුවන්. එයා ධර්මයට අනුව කල්පනා කරන කෙනෙක්. හැම තිස්සේම ඒ කාරණය පුරුදු කර ගන්ට පුළුවන් ටික ටික හුරු කරන කෙනාට. ඒ විදිහට අපි ධර්මය පුරුදු කරන අතර භාවනාමය විදිහට සිතේ මේ සංඥාව පුරුදු කර ගන්ටත් ඕනැ. අපි සාමාන්‍යයෙන් කටයුතු කරන හැම වෙලාවෙම මේ ආයතන ගැන අකමැත්ත උපදින ආකාරයෙන් සිත පුරුදු කරන්ටත් ඕනැ. වාඩිවෙලා භාවනාවක් විදිහට පුරුදු කරගෙන ඒ සංඥාව හිතේ පිහිටුවගෙන දියුණු කර ගන්ටත් ඕනැ. ඒක කොහොමද කරන්නේ? අපි දැනට කරන ආයතන භාවනාව මුල් කරගෙන කරන්න එතකොට අපිට ඒක පුරුදුවෙන්ට පුළුවන්. ඒ භාවනාව මුල් කරගෙනම ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත, රූප, ශබ්ධ, ගන්ධ, රස, පහස, අරමුණු මේව කෙරෙහි ඇලූම දුරුකර ගැනීම පිණිස අපේ හිතේ ඒ සංඥාව පිහිටුවා ගන්න පුළුවන්. එතකොට යම් කලෙක අධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් කෙරෙහි ඇල්ම දුරුකර ගත්තොත් එදාට අපි දිව්‍ය ලෝකෙ උපදින්ට ඇති කැමැත්තත් දුරුකර ගනිමින් ඉන්නවා. බ‍්‍රහ්ම ලෝකෙ උපදින්ටත් ඇති කැමැත්ත දුරුකර ගනිමින් ඉන්නවා. මිනිස් ලෝකෙ උපදින්ටත් තියන කැමැත්ත අපි දුරුකර ගනිමින් ඉන්නවා. අනෙකුත් සෑම ලෝකයකම උපදින්ට තියන කැමැත්ත දුරුකර ගනිමින් ඉන්නවා.යම් කලෙක මේ සංඥාව හොඳින් පිහිටුවාගෙන බලවත්ව පුරුදු කරගෙන ඒ සංඥාව මුල් කරගෙන සියලූ ලෝකය කෙරෙහිම ඇල්ම සම්පූර්ණයෙන්ම දුරුකර ගන්ටත් අපිට මේ සංඥාව උපකාර කර ගන්ට පුළුවන්.

අපි ඉතාම කෙටියෙන් මේ සංඥාව පුරුදු කර ගන්න මහන්සි වෙමු. කෙටියෙන් හොඳට පුරුදු වෙලා පස්සේ දීර්ඝ විදිහට හුරුකර ගන්න පුළුවන්.

හොඳට කය සෘජු කරගෙන වාඩිවෙන්න. එතකොට කයේ තියෙන මැළි ගතිය දුරුවෙලා යනවා. දැන් හිතෙන් තේරුම් ගන්න ”මම වාඩි වෙලා ඉන්නෙ..” කියල. හෙමිහිට ඇස් වහගෙන අපි ඉන්න තැන හොඳට තේරුම් ගන්න. ඊලඟට ඉඳගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. හිතෙන්…. ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳට තේරුම් ගන්න. දැන් තමන් බිම වාඩිවෙලා ඉන්නෙ කියල හොඳට තේරුම් ගන්න…. දැන් මේ විදිහට මෙනෙහි කරන්න…….

මේ ඇස අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන ඇස… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. මේ ඇස අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන ඇස… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි….

ඇසට පේන රූප අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන රූප….. මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. ඇසට පේන රූප අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන රූප….. මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි….

මේ කන අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන කන… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. මේ කන අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන කන… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි….

කනට ඇසෙන ශබ්ද අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන ශබ්ද… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. කනට ඇසෙන ශබ්ද අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන ශබ්ද… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි….

මේ නාසය අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන නාසය… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. මේ නාසය අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන නාසය… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි….

නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන ගඳ සුවඳ… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන ගඳ සුවඳ… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි….

මේ දිව අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන දිව… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. මෙ දිව අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන දිව.. මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි….

දිවට දැනෙන රසය අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන රසය… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. දිවට දැනෙන රසය අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන රසය… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි….

මේ කය අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන කය… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. මේ කය අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන කය… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි….
කයට දැනෙන පහස අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන පහස… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. කයට දැනෙන පහස අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන පහස… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි….

මේ සිත අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන සිත… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. මේ සිත අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන සිත… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි….

සිතට දැනෙන අරමුණු අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන අරමුණු… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි…. සිතට දැනෙන අරමුණු අනිත්‍යයි….. අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍ය වූ දුක් වූ…. විපරිණාමයට පත්වන අරමුණු… මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි….
භාවනාවෙන් නැගිටින්ට කලින් භාවනා මනසිකාරය නතර කරල ”සමාධිය බැස යත්වා……” කියල හිතන්න. දැන් ඇස් අරින්න..

අපි ඒ භාවනාව කෙටියෙන් කරන ආකාරය තමයි ඉගෙන ගත්තෙ. ඒ විදිහට පුරුදු කර ගන්න කොට කලකදි හොඳට පුරුදු වෙයි. එතකොට දීර්ඝ විදිහට පුරුදු කරන්ට පුළුවන් කමක් තියනවා. එතකොට අපි මේ භාවනාව මේ විදිහට වාඩිවෙලා හුරුකරනවා වගේම අනිත් හෑම වෙලාවකම අපේ අධ්‍යාත්මික ආයතන ඇස, කණ, නාසය, දිව, කය, සිත ඒ වගේම බාහිර ආයතන රූප, ශබ්ධ, ගන්ධ, රස, පහස, අරමුණු මේව කෙරෙහි අකමැත්ත උපදින ආකාරයට අපි කල්පනා කරන්ට පුරුදු වෙන්න ඕනැ. එසේ අකමැත්ත උපදින ආකාරයට කල්පනා කරන්නේ කුමක් මුල් කරගෙනද? ධර්මයේ අපිට කියා දී තිබෙන ආකාරයට අපි තේරුම් ගැනීමෙන්. එතකොට තමයි අපිට මේ අයතන ගැන නොතේරෙන නිසා අපි මහත් වූ දුක් පීඩාවලට ගොදුරු වෙනවා කියල තේරෙන්නේ. අන්න එතකොට අපිට ඒ ආයතන කෙරෙහි අකමැත්ත උපදවා ගන්න පුළුවන්කම තියනවා. ඒ ආයතන කෙරෙහි අප්පිරියාව උපදවා ගන්න අපට පුළුවන්කම තියනවා.

එතකොට කලක් එහෙම පුරුදු කරන්න කරන්න මේ ආයතන කෙරෙහි බලවත් වූ අකමැත්ත උපදියි. ඒ විදිහට අකමැත්ත උපදවා ගන්න අතරම මේ භාවනාවත් පුරුදු කරගෙන යන්ට ඕන. අපි සියලූ දෙනාටම ආශිර්වාද කරන්ට කැමතියි සියලූ ලෝකය කෙරෙහිම ඇල්ම දුරුකර ගැනිම පිණිස ඒ උතුම් භාවනාව හොඳින් පුරුදු කර ගැනීම සඳහා සියලූ දෙනාටම භාග්‍යය උදාවේවා.

තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

2 Comments

  1. NAMO!BUDDHAYA!

  2. මට මේ ලින්ක් එක අහම්බෙන් වගේ face book එකෙන් හම්බුනේ
    මම සිංහල දහම් ලිපි වල හුදෙකලාව සුන්දරයි ලිපි බෑලුව
    හරිම සුන්දරයී ඒ ලිපි
    ගොඩක් පින් ඒ ලිපි පෙලට
    නමෝ බුද්ධාය!!!

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: