subscribe

අසුභ සඤ්ඤාව පුරුදු කරමු- භාවනා වාක්‍ය

අසුභ සඤ්ඤාව පුරුදු කරමු- භාවනා වාක්‍ය

Api-bhavana-karamu (1)

යටි පතුලෙන් උඩටත් කෙස් වලින් පහලටත් සමකින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ අසූචි වගේ දේවල් තමයි තියෙන්නේ…

මේ කයේ තියෙනවා…, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හෘදය, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිඳුළු, මූත්‍ර…

මගේ කියන ශරීරය හැදිල තියෙන්නේ මේ වගේ අසූචි වලින්මයි, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ වගේමයි. ඒවල තියෙන්නෙත් අසූචි විතරයි. මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම අසූචිමයි.

මගේ කියල හිතන ශරීරය ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන එකක්. අනුන්ගේ කියල හිතන ශරීරත් ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්. මගේ කියල හිතන ශරීරයත් අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්.

මගේ කියල හිතන ශරීරය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන මේ ශරීරය මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

අනුන්ගේ කියල හිතන ශරීර අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන ඒ ශරීර මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ සියළු ශරීර අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන මේ ශරීර මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

සාදු…! සාදු…!! සාදු…!!!

2 Comments

  1. SADU……SADU…..SADU…..!

  2. මේ වගේ වටින දර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න මමත් පින් කරලා තිබුන. හරිම සැනසීමක් මේ දර්මය ශ්‍රවණය කරපු එකම.රාගය කියන්නේ ගින්දරක්. ඒ ගින්දර ලේසියෙන් නිවන්න බැ. මේ දර්මය නැත්නම් කවර පිහිටක්ද.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: