බණ භාවනා කිරීම ගැන බොහෝ කරුණු පහුගිය කාලය තුළ අපි කියලා දුන්නා. ටික කලකින් කාරණා බොහෝමයක් දැනගත්තා කියලා, ටික කලකින් ඔක්කොම පුරුදු කරන්ට පුළුවන් කියල කල්පණා කරන්ට එපා. එහෙම යමක් ටික කලකින් කරන්ට පුළුවන් කියලා යමෙක් කල්පණා කළොත්, එතනින්ම එයා අසාර්ථක වෙනවා. ටික ටික යමක් පුරුදු කරන්ට කෙනෙක් කල්පනා කළොත්, එයාට පුංචි හෝ යහපතක් අත්කර ගන්ට පුළුවන්. බොහෝ දෙනාට තිබෙන ගැටළුවක් තමයි, ඉඳගෙන භාවනා කරන්ට වැඩි වෙලාවක් පෙලඹෙනවා, අනිත් වෙලාවෙදි සිහියෙන් ඉන්න උත්සහ කරන්නේ නෑ. එතකොට එයා කල්පණා කරන්නේ වාඩි වෙලා විතරක් භාවනා කරලා සාර්ථක වෙන්ට පුළුවන් කියලා. එයා හැකි තාක් වාඩිවෙලාම ඉන්ට උත්සාහ කරනවා. අනිත් වෙලාවට සිහිය පිහිටුවා ගන්ට
Read moreඉන්ද්‍රිය සංවරය ඇතිකර ගනිමු.
රාග, ද්වේශ, මෝහ වල ආදීනව නුවණින් දකිමු
සැබෑ බලවතුන් කියලා කියන්නෙ පීඩා රහිතව වාසය කරන්ට පුළුවන් හැකියාව උපදවා ගත්ත අයට යි. ඉතින් ඒ කරා එන්ට ක‍්‍රමක් ක‍්‍රමයෙන් අපිට පුළුවන් කමක් තියෙයි. ටික ටික ධර්මය පුරුදු කරන්ට, පුරුදු කරන්ට අපිට පීඩා රහිතව වාසය කරන්ට හැකියාවක් ලැබෙනවා. ඉතින් අපිට ඒ අවසන් ප‍්‍රතිඵලයක් වශයෙන් කිසියම් ම ආකාරයක පීඩාවක් නොලැබෙන විදියට අපේ හිත දියුණු කර ගැනීමේ අවස්ථාවක් උදා වෙයි. ඒ සඳහා අපි හිතා මතා අපේ අකුසල ස්වභාවයන් දැකලා ඒවා බැහැර කරන්ට අහිංසක අය විදියට කටයුතු කරන්ට ඕනැ. විශේෂයෙන් අපි පිළිගන්ට ඕනැ, අකුසලය අපි ලඟයි තියෙන්නෙ කියලා. සාමාන්‍ය ලෝකේ ස්වභාවය තමයි අන් අයට ඇඟිල්ල දික් කිරීම. අන්න එහෙම අපි නොකළ යුතුයි. අපි
Read moreභාවනාව සකසා වඩමු.
භාවනාව සකසා වැඞීම පිණිස වුවමණා කරන ඉතාම වැදගත් කාරණාව තමයි ‘ප‍්‍රත්‍යවේක්‍ෂා’ කරනවා කියලා කියන්නෙ. ඒ ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම යටතේ අපි කාරණා ගොඩක් කිව්වා. අන්න ඒ කරුණුත් සකාසා වැඞීමට අදාලයි. අපි නැවතත් මේ පින්වතුන්ට මතක්කර දෙන්ට කැමතියි, ආරම්භයේදී ම තමන් පුරුදු කරන භාවනා මනසිකාරය වෙනස් කරන්ට එපා. යම් වචන පාවිච්චි කරනවා නම් ඒ වචන වෙනස් කරන්ට එපා. කරන භාවනාව අතර තුළ වෙන වෙන දේවල් කරන්ට යන්ට එපා. සමාධිය බලවත් වෙන්ට පෙර සමාධියෙන් ප‍්‍රයෝජන ගන්ට යන්ට එපා. එහෙම වුණොත් අපිට බලවත් සමාධි ඇති කරගන්ට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. ඊළඟට අපි සමාධිය නිතර පුරුදු කරන්ට ඕනැ. බලවත් සමාධි ඇති කරගැනීම පිණිස ඒ කාරණාවත් ඉතාම
Read moreබලවත් සමාධි උපදවා ගැනීමට නම් …
භාවනාව සාර්ථක කරගෙන බලවත් වූ සමාධි ඇති කරගැනීම පිණිස උපකාර වන ඉතා වැදගත් කාරණා කිහිපයක් අපි අද කතා කරන්ට කල්පනා කළා. අංගුත්තර නිකායේ හතර වන නිපාතයේ තිබෙනවා ”බල සූත‍්‍රය” කියල සූත‍්‍ර දේශනාවක්. ඒ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට අපට පෙන්වා දෙනව. ”පින්වත් මහණෙනි, කරුණු හයකින් යුක්ත භික්‍ෂුවකට බලවත් සමාධි උපදවා ගැනීමට හැකි වන්නේ නෑ. බලවත් සමධි ඇති කරගන්ට එයා සුදුසුසෙක් වෙන්නෙ නෑ” කියල. ”මොනවද ඒ කාරණා හය? භික්‍ෂුවක් ඉන්නවා සමාධියට සමවදින්ට දක්‍ෂ නෑ. ඊළඟට, ඒ භික්‍ෂුව සමාධිය පවත්වන්ට දක්‍ෂ වෙන්නෙත් නෑ. ඊළඟට, සමධියෙන් නැඟී සිටින්ට දක්‍ෂත් නෑ. පිළිවෙලකට සමාධිය වඩන්නෙත් නෑ. සකසලා වඩන්නෙත් නෑ. ඊළඟට, ඒ භික්ෂුව නිතර සමාධිය පුරුදු
Read moreගරු සරු ඇතිව වාසය කරමු ….
අපේ දියුණුව ආරම්භ වන්නේ එකිනෙකා කෙරෙහි ගරු සරු ඇතුව වාසය කරන්ට පුරුදු වීමෙන්. ගරු සරු ඇතිව වාසය කිරිමේදී අපි මොන ආකාරයෙන් ද ඒ ගරු සරු භාවය ඇති කර ගත යුත්තේ? අපි, ශාස්තෘ ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනැ, ධර්ම ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනැ, සංඝ ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනැ, ශික්‍ෂා ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනැ, අප‍්‍රමාදය කෙරේ ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනැ, ධර්ම සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනැ, ඊළඟට, සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනැ, පවට ලැජ්ජාව කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනැ. පවට භය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනැ. මෙන්න මේ කාරණා වලින් යුක්ත වීම කෙනෙකුගේ දියුණුවේ ආරම්භයයි. හොඳට බලන්න අප තුළ මෙන්න








