subscribe

Archive for the ‘දහම් ඔසු’ Category

මේ සෙල්ලම නවත්වන්නේ කවදා ද..?

පංච උපාදානස්කන්ධ ජීවිතය වනාහි අවිද්‍යාව නිසා බාල බවට පත් වූ සංසාර ගත ළදරුවා ගේ සෙල්ලම් ගෙය යි.. එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ රාධ ස්වාමීන් වහන්සේ අමතා මෙසේ දේශනා කළ සේක.. —– මේ සිදු වීම අප සියල්ලන් ගේ ම පාහේ අනුභූතියකි (අත්දැකීමකි). කුඩා කාලයේ දී අපිදු සෙල්ලම් ගෙවල් තනා ගෙන සෙල්ලම් කළෙමු. තවත් නොයෙකුත් සෙල්ලම් බඩු ආදියෙන් ද සෙල්ලම් කළෙමු. ඒ අප ගේ සෙල්ලම් ගෙවල් ආදිය අපට සැබෑ ඒවා ම වූයේ ය. සෙල්ලම් යාන වාහන සැබෑ යාන-වාහන ම වූයේ ය. ඒවා අපට අප ගේ ධනය විය. වස්තුව විය. ඒවා අපි, අපට අයත් යැයි සිතුවෙමු. මමායනය කළෙමු. ඇත්තෙන් ම එය අප ගේ ළදරු […]

Read more

‘මරණය‘ මැරීම!!!

‘මරණය‘ මැරීම!!!

අපි ලෝකයේ ඉපිද සිටින්නෙමු. ඇත්ත වශයෙන් ම කියන්නේ නම්, අපත් සමඟ අපේ ලෝකය ඉපිද තිබේ. එසේ උපන් දුක නම් වූ ලෝකය මුළුමණින් ම සංඛතයකි. එනම් හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැති වී යන එකකි. හරවත් කිසිවක් නැති, සාරයෙන් ශූන්‍ය එකකි. නමුත් ඒ ලෝකයට අපි ඇලී සිටිමු. අතිශයින් ආදරය කරමු. එය නැති වී යෑම අපට දුකකි. එනිසා ම ලෝකයේ අනිත්‍යතාවය සිහි කිරීම තබා ඒ ගැන සිතීමටත් බොහෝ දෙනෙක් බිය වෙති. අප සිතා සිටින්නේ ජීවිතය යනු ”මමෙකු” ගේ හිමිකමක් කියා යි. එය අප ගේ නො දන්නා කම යි. මුලාව යි. නමුත් මම යැයි සිතා සිටින්නේ සැබැවින් ම මමෙකුට හෝ වෙනකෙකුට අයත් දෙයක් […]

Read more

වාද නොකරනු පිණිස – ධර්මයෙහි පර්යාය ලක්ෂණය හඳුනා ගනිමු

වාද නොකරනු පිණිස – ධර්මයෙහි පර්යාය ලක්ෂණය හඳුනා ගනිමු

දණ්ඩපාණී නම් ශාක්‍යයා එක්තරා අවස්ථාවක දී බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ විමසීය. ”ශ‍්‍රමණයන් වහන්ස, ඔබ කුමන වාදයකින් යුතු වන්නේ ද..? කුමක් ප‍්‍රකාශ කරන්නේ ද..?” මෙම ගැටලුවට භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්නේ, දණ්ඩපාණී ශාක්‍යයා ගේ නළල රැළි නැංවෙන ආකාරයේ පිළිතුරකි. මෙම ගම්භීර ප‍්‍රකාශය තුළ මෙම ලිපියට මුල්වන ඉතා වටිනා දහම් කරුණක් ගැබ්ව තිබේ. එනම් භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තුළ හොඳින් පිහිටි තැනැත්තා ලෝකයේ කිසිවෙකුත් සමග වාද නො කරන බව යි. වාදයට හේතුවන කෙලෙස් සහගත සඤ්ඤාවන් ඔහු තුළ ලැගගෙන නො පවතින බව ද මෙයින් පැහැදිලි වේ. එයම ඉතා හොඳින් තහවුරු වන තවත් ප‍්‍රකාශයකි මේ. මෙසේ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය දැනගත් තැනැත්තා ලෝකයේ […]

Read more

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: