subscribe

Archive for the ‘බුදුගුණ අනන්ත යි.’ Category

බුදු ගුණ අනන්ත යි ෴ 24

471. සෝ භගවා ඉතිපි ඒකචාරී:- තණ්හාව නම් වූ දෙවැන්නා ගෙන් තොර ව හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකචාරී’ වන සේක. 472. සෝ භගවා ඉතිපි ඒකමාසීනෝ:- එකලාව දිවි ගෙවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකමාසීන’ වන සේක. 473. සෝ භගවා ඉතිපි ඒකභත්තිකෝ:- පෙර වරු සමයේ පමණක් ආහාර ගන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකභත්තික’ වන සේක. 474. සෝ භගවා ඉතිපි ඒකරත්තෝ:- හුදෙකලාවේ ඇලුණු සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකරත්ත’ වන සේක. 475. සෝ භගවා ඉතිපි ඒකග්ගචිත්ත:- ඒකඟ වූ සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකග්ගචිත්ත’ වන සේක. 476. සෝ භගවා ඉතිපි ඒකපුග්ගලෝ:- සමාන වූ දෙවැනි පුද්ගලයෙකු මුලු තුන්ලොවෙහි ම නො මැති හෙයින් […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 23

451. සෝ භගවා ඉතිපි උපසන්තුපසන්තෝ:- සන්සිඳීමෙන් සන්සිඳීමට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපසන්තුපසන්ත’ වන සේක. 452. සෝ භගවා ඉතිපි උපරතෝ:- සංස්කාරයන්ගෙන් වෙන් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපරත’ වන සේක. 453. සෝ භගවා ඉතිපි උපසන්තචිත්තෝ:- සන්සිඳීගිය සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපසන්තචිත්ත’ වන සේක. 454. සෝ භගවා ඉතිපි උප්පාදේතා:- නූපන් නිවන් මග උපදවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උප්පාදේතා’ වන සේක. 455. සෝ භගවා ඉතිපි උපාදානක්ඛයාධිමුත්තෝ:- උපාදාන ක්ෂය වීම නම් වූ නිවනට පත් ව දුකින් නිදහස් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපාදානක්ඛයාධිමුත්ත’ වන සේක. 456. සෝ භගවා ඉතිපි උපාදානක්ඛයාරාමෝ:- උපාදාන ක්ෂය වීම නම් වූ නිවනේ වසන හෙයින් ඒ භාග්‍යවතුන් […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 22

බුදු ගුණ අනන්ත යි ෴ 22

433. සෝ භගවා ඉතිපි උක්කාධාරෝ:- අවිදු අඳුර දුරු කරන ප්‍රඥා ගිනි සිළුව දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උක්කාධාර’ වන සේක. 434. සෝ භගවා ඉතිපි උක්ඛිත්තපළිඝෝ:- අවිද්‍යාව නම් වූ දොර පොල්ල ඔසවා තැබූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උක්ඛිත්තපළිඝ’ වන සේක. 435. සෝ භගවා ඉතිපි උග්ගතපෝ:- උග්‍ර තපස් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උග්ගතප’ වන සේක. 436. සෝ භගවා ඉතිපි උග්ඝාතිනිග්ඝාතිවීතිවත්තෝ:- ඇලීම් ගැටීම් ඉක්මවා ගිය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උග්ඝාති නිග්ඝාති වීතිවත්ත’ වන සේක. 437. සෝ භගවා ඉතිපි උච්ඡේදවාදී:- සියළු අකුසලයන් ගේ විනාශය පවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උච්ඡේදවාදී’ වන සේක. 438. සෝ භගවා ඉතිපි උජු:- සෘජු ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 21

417. සෝ භගවා ඉතිපි ඉච්ඡාවිනයෝ:- කැමැත්ත දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉච්ඡාවිනය’ වන සේක. 418. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියගුත්තෝ:- ඉන්ද්‍රියයන් ආරක්ෂා කරගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියගුත්ත’ වන සේක. 419. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසංවුතෝ:- ඉන්ද්‍රියයන් සංවර කර ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසංවුත’ වන සේක. 420. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසම්පන්නෝ:- ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසම්පන්න’ වන සේක. 421. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියකුසලෝ:- සියලු ඉන්ද්‍රියයන් පිළිබඳ දක්ෂ හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියකුසල’ වන සේක. 422. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසංවරසම්පන්නෝ:- ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසංවරසම්පන්න’ වන සේක. 423. සෝ භගවා ඉතිපි ඉන්දීවරෝ:- නිලුපුල් […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 20

බුදු ගුණ අනන්ත යි ෴ 20

401. සෝ භගවා ඉතිපි ආයතනකුසලෝ:- අධ්‍යාත්මික බාහිර ආයතන විෂයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආයතනකුසල’ වන සේක. 402. සෝ භගවා ඉතිපි ආමන්තකෝ:- සද්ධර්මයෙන් ලෝකය අමතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආමන්තක’ වන සේක. 403. සෝ භගවා ඉතිපි ආරද්ධවිරියෝ:- ඇරඹූ වීරියෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරද්ධවිරිය’ වන සේක. 404. සෝ භගවා ඉතිපි ආරක්ඛසති:- සුරකින ලද සිහියක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරක්ඛසති’ වන සේක. 405. සෝ භගවා ඉතිපි ආරාචාරී:- ලෝකයෙන් වෙන් වී හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරාචාරී’ වන සේක. 406. සෝ භගවා ඉතිපි ආරෝගගතෝ:- පරම නිරෝගී භාවය නම් වූ නිවනට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරෝගගත’ වන සේක. 407. සෝ […]

Read more
Page 2 of 612345...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: