subscribe

Archive for the ‘භාවනා වාක්‍ය’ Category

නමඳිමු ඒ මුනි ගුණ මත්තේ…

නමඳිමු ඒ මුනි ගුණ මත්තේ…

බුදු ගුණ භාවනාව​ 1. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ, සියළු රාග, ද්වේශ, මෝහ දුරු කල සේක. සියළු අකුසල ධර්මයන් ප්‍රහානය කල සේක. සියළු කුසල ධර්මයන් උපදවා ගත් සේක. සියළු කෙළෙසුන් කරෙන් නිදහස් වී වදාළ සේක. රහසින්වත් පව් නොකල සේක. සියළු පාපයන්ගෙන් මිදුන සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා , ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක. බුදුරජාණන් වහන්සේ , ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කල සේක. බුදුරජාණන් වහන්සේ, කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. බුදුරජාණන් වහන්සේ, නාසයෙන් ගඳ සුවඳ දැන, ඒ […]

Read more

ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වඩමු- භාවනා වාක්‍ය

ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වඩමු- භාවනා වාක්‍ය

මේ ආහාර කොච්චර සුවඳට, රසට, ලස්සනට පිළියෙල කරල තිබුනත් මේ අහාර අතින් අල්ලපු ගමන් ඒ්ක ඉඳුල් වෙලා යනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි… මේ අහාර කටට ගත්තාම කටේ තියෙන කෙල, සෙම එක්ක කලවම් වෙනවා. මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි… උගුරෙන් පහලට යන විට මේ අහාර සෙම, සොටු සමඟ මේ අහාර කවලම් වෙනවා. තවදුරටත් මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි… ආහාර බඩට ගියාම බඩේ තියෙන නොයෙකුත් දේ සමඟ මේ අහාරය එකතු වෙනවා. වමනෙ බවට පත් වෙනවා. ඉතාම පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා […]

Read more

අසුභ සඤ්ඤාව පුරුදු කරමු- භාවනා වාක්‍ය

අසුභ සඤ්ඤාව පුරුදු කරමු- භාවනා වාක්‍ය

යටි පතුලෙන් උඩටත් කෙස් වලින් පහලටත් සමකින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ අසූචි වගේ දේවල් තමයි තියෙන්නේ… මේ කයේ තියෙනවා…, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හෘදය, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිඳුළු, මූත්‍ර… මගේ කියන ශරීරය හැදිල තියෙන්නේ මේ වගේ අසූචි වලින්මයි, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ වගේමයි. ඒවල තියෙන්නෙත් අසූචි විතරයි. මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම අසූචිමයි. මගේ කියල හිතන ශරීරය ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන එකක්. අනුන්ගේ කියල හිතන […]

Read more

මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව

මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව

මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව.. අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා.. අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා.. අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා.. සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා.. අහං විය මය්හං – මා මෙන් ම මාගේ, ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද, මාතා පිතරෝ – මව් පියවරු ද, හිත සත්තා – හිතවත් සත්වයෝ ද, මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද, වේරීසත්තා – වෛරී සත්වයෝ ද, අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා, අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා.. අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා.. සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා.. දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා.. […]

Read more

මරණ සතිය වඩමු – භාවනා වාක්‍ය..

මරණ සතිය වඩමු – භාවනා වාක්‍ය..

කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුල පැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ට පුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේ දේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්. හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්. සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ට පුළුවන්. සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක් අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ මොහොතේම වුනත් මම මැරිල යන්න පුළුවන්. මේ විදිහට මම මැරෙන විට […]

Read more

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: