subscribe

Archive for the ‘සදහම් සිතුවිළි’ Category

ස්පර්ශය: නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

ස්පර්ශය: නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

විතයේ ක්‍රියාකාරිත්වය විවිධ අයුරින් බෙදා විග්‍රහ කොට දැක්වීමට අපගේ භාග්‍යවතුන් වහන්සේ සතු වූයේ ඉතා විශ්මිත හැකියාවක්. ජීවිත ක්‍රියාවලියෙහි සියලු දෑ බුදු රජාණන් වහන්සේ අතැඹුලක් ලෙස දැනගෙන ලෝකයට විවර කොට වදාළා. එසේ විවර කොට වදාළ ධර්මතා මහත් සමූහයක් අපට ත්‍රිපිටක දේශනාවන් හි මුණගැසෙනවා. ඒ අතරින් අපට නිරන්තරයෙන් මුණ ගැසෙන වචනයක් තමයි ස්පර්ශය කියා කියන්නේ. වේදනා සඤ්ඤා චේතනා ආදී නොයෙක් ධර්මයන්ට හේතු වශයෙන් දක්වා ඇති මේ ස්පර්ශය සංසාර ජීවිතය පෝෂණය කරන ආහාරයක් ලෙසත් ධර්මයෙහි දක්වා තිබෙනවා. ස්පර්ශය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් කරුණු බොහෝ ප්‍රමාණයක් ඉගෙන ගෙන තිබුණ ද බොහෝ දෙනෙකුට ඒ සම්බන්ධයෙන් නිසි තේරුම් ගැනීමක් තිබෙනවා ය කියා සිතන්නට අමාරුයි. මේ […]

Read more

මහණ වෙන්නට යන්න – අම්මෙ අවසර දෙන්න

මහණ වෙන්නට යන්න – අම්මෙ අවසර දෙන්න

(සෙනෙහෙබර මවක් සහ යොවුන් පුතකු අතර ඇතිවූ දෙබසකි) පුතා :- අම්මෙ… මම කාරණාවක් අහන්ට ද? මට මහණවෙන්න අවසර ඕන. මව :- අනේ මගෙ රත්තරං පුතේ, මොනවද මේ කියන්නේ…? පුතා මහණ වුනාම අපට සලකන්නේ කවුද? පුතා :- ඇයි අම්මේ, අම්මටයි තාත්තටයි සලකන්න මගේ නංගියි මල්ලියි ඉන්නෙ! එයාල මම සලකනවටත් වැඩිය හොඳට අම්මලාට සලකාවි. මව :- අපි වයසට යන කොට අපිව මගහැරල යන්න පුතාට දුක නැද්ද? පුතා:- අම්මේ පරමාර්ථය උතුම් නම්, මේ ලෝකෙ මොකක්ද දරාගන්න බැරි දුක! කොහොම උණත්, මහලු කාලයේ දි අම්මලාට සලකන්න කෙනෙක්, උපස්ථාන කරන්න කෙනෙක් නැත්නම් මම පිඬු සිඟා ගොස් ලබන ආහාර අම්මලාට කවන්නටත්, සිවුරු සඳහා පූජා කරනු ලබන […]

Read more

ඒ බුදුවරු අම නිවනට වැඩි සේක් මය…

ඒ බුදුවරු අම නිවනට වැඩි සේක් මය…

‘මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි’….. මේ සුන්දර වදන් පෙළ සිතෙන විට පවා කොයිතරම් ප්‍රබෝධයක්, ශ්‍රද්ධාවක් හිතේ ඇති වෙනව ද… ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරදුන්ගේ සම්බුදු සසුනේ පහස ලබන්නට තරම් අපි වාසනාවන්ත වුනා. ඒවා මේ ආවාට ගියාට සිද්ධවෙන දේවල් නෙවේ….. පිං බලයෙනුයි ඒ දේවල් ඒ විදියට වෙන්නේ. ඉතින් ඒ ආශ්චර්යමත් මනුෂ්‍යරත්නය අපට දායාද කළ ඒ අති උතුම් ශ්‍රී සද්ධර්මය කොතරම් නම් සුන්දර ද…… සත්‍යවාදී ද…. කොතරම් නම් ස්වාක්ඛාත ද…….. අපේ බුදු පියාණන් වහන්සේ අප ගැන කොයිතරම් නම් අනුකම්පාවෙන් ද මේ දේවල් අපට දායද කළේ….. මේ මිහිතලය මත එදා මෙදා තුර, කාලයේ වැලිතලා වලින් සැඟව ගිය සුන්දර අතීතයක […]

Read more

හිතවත​…

හිතවත…., අපි මත්වී සිටින බව අපි නොදන්නෙමු. මත්වීම අපේ ජීවිතයට සාපයක් වී ඇති බව අපි නොදන්නෙමු. එනිසා අපට අපගේ ජීවිතයේ සැබෑ අරුත හඳුනා ගන්නට නොහැකිව ප්‍රමාද වී සිටින්නෙමු. හිතවත, රෝහලක ඇඳක් අප වෙනුවෙන් සුදානම් කරලයි තියෙන්නේ. පැත්තක සේලයින්, පැත්තක ඔක්සිජන්, පැත්තක නාසයට දමා බට….. දිනෙන් දින මොහොතින් මොහොත නොනැවතී අප ගමන් කරමින් සිටින්නේ ඒ ඇඳ වෙතටයි. ඒකාන්තයෙන්ම අප දරුණු ලෙස රෝගාතුර වන දිනයක් ලඟ එනවා. නමුත් ආරෝග්‍ය මදයෙන් මත්වී සිටින අපට ඒක වැටහෙන්නේ නෑ. හිතවත, තව නොබෝ දිනකින් අප හැරමිටියේ වාරුවෙන් ඇවිදින, දරුවන්ගේ උපකාරයෙන් කන-බොන, වැසිකිලි-කැසිකිලි කරන්නට ඔසවාගෙන යන මහල්ලන් බවට පත් වෙනවා. දිනෙන් දින මොහොතින් මොහොත නොනැවතී අප ගමන් […]

Read more

සැබෑ මිතුදම සොයා ගනුවස්…

සැබෑ මිතුදම සොයා ගනුවස්…

ලෝකෙ දිහා ඉස් ඉස්සල්ලාම ඇහැක් ඇරල බලන්න පටන් ගත්ත දවසෙ ඉඳන් සදහටම මේ ඇස් දෙක වහගන්න වෙන දවස වෙනකන් ගෙවිලයන මේ පුංචි කාලෙට අපිට කොච්චරනම් කෙනෙක් ඇසුරු කරන්න ලැබෙනවද? ඒ හැම කෙනෙක්ම එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස්, කවදාවත් එක වගේ දෙන්නෙක් හොයා ගන්න පුලුවන් කියන එක මේ ලෝකෙ වෙන්නැති දෙයක්. ඔය කොච්චර නානාප්‍රකාර අය හම්බුනත් තවත් කෙනෙක්ගෙ මිත්‍රයෙක්, යාලුවෙක්,හිතවතෙක් වෙන්න හම්බෙන්නෙ හරිම සීමිත පිරිසකට.ඒ වගේම තමයි ඒ සීමිත පිරිසෙනුත් හොඳ යාලුවෙක් එහෙම නැත්තම් කල්‍යාන මිත්‍රයෙක් කියන ගොන්නට කෙනෙක් වැටෙන්නෙ ඉතාම කලාතුරකින්. ඉතින් මේ යාලුවොන්ටත් අරය හොඳයි, මෙය හොඳයි වගෙ ප්‍රතිරූප ආරූඪ කරපු පමනින් ඇත්තටම එයා හොඳ හෝ නරක වෙනවා කියන එක වෙන්නැති […]

Read more
Page 1 of 612345...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: