subscribe

Archive for the ‘සදහම් සිතුවිළි’ Category

‘දස බලධාරී අප මහ මුනිරජු -03’

‘දස බලධාරී අප මහ මුනිරජු -03’

‘විශාරද​’ කිව්වම එක පාරට අපේ ඔළුවට එන්නේ සංගීතඥයො. මොකද අපි දන්න ඒ වගේම​ අහන්න​, දකින්න ලැබෙන විශාරද බව ඒක යි..ඔබ අපි සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ විශාරද බව ගැන අපේ දැනුම මොන ආකාරද…..? දිව්‍ය​, මනුෂ්‍ය​, මාර​, බ්‍රහ්ම ආදී සකළ විධ පිරිස් ඉදිරියේ අභීතව සිංහනාද කරමින් විශාරදව දම් පෙළහර පෑ ඒ මහා උත්තමයාණන් තමයි අපි මුළු හදින් සරණ ගියේ. ඒ ධර්මරාජයාණන් වහන්සේ මේ සියළු පිරිස් අභිමුවේ ප්‍රාතිහාර්‍ය සහිතව සිදුකරන ලද ධර්ම දේශනා සැබැවින්ම ආශ්චර්‍යයි. ඒවා අසන විට​, සිතන විට පවා ලොමු දැහැගැන්වෙන සුළුයි. නෙතඟට කඳුලක් නොඑන්නට බැරි තරම්ම ඒ අසිරිය මහානුභාව සම්පන්නයි. ඒ ශ්‍රද්ධාවෙ පිහිටලා තිසරණ සරණ […]

Read more

‘දස බලධාරී අප මහ මුනිරජු -02’

ගෞතම බුදු සමිඳුන්ගෙ සෙවනැල්ල යට ඉඳලත් බුදු පහස​, දම් සුවඳ අඳුනගෙන ඒක විඳගන්න සුනක්ඛත්තට බැරි වුනා. ඉතින් මේ කරුණ මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ තුළ තිබෙන අභීත වූ, අසාමාන්‍ය වූ, අතුල්‍ය වූ, විශාරද වූ, අති ගාම්භීර වූ තථාගත බල 10ක් පිළිබඳව ගෞතම බුදු සසුනේ ප්‍රඥාවන්ත භික්‍ෂූන් අතරින් අග තැන් ලද​, දකුණත් සව් සාරිපුත්ත මහ රහතන් වහන්සේට විස්තර කර දෙනවා. 1. තථාගත බුදුරජාණන් වහන්සේ සිදුවිය හැකි දෙය සිදුවිය හැකි දෙයක් ලෙසත්, සිදුවිය නොහැකි දෙය සිදුවිය නොහැකි දෙයක් ලෙසත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන සිටිනවා. 2. තථාගත බුදුරජාණන් වහන්සේ අතීත​, අනාගත​, වර්තමාන යන කාලත්‍රයේ ඕනෑම කර්මයකට ලැබෙන විපාක ගැන ඒ ඒ හේතු […]

Read more

‘දස බලධාරී අප මහ මුනිරජු’

‘දස බලධාරී අප මහ මුනිරජු’

ඒ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේව මේ ජීවිතයෙදි හැබැහින් දකින්න වාසනාව තිබුන කෙනෙක් වර්තමාන මිනිස් ලොව තුල සිටින බවට කිසිදු ජීවමාන සාධකයක් නැහැ.. නමුත් උන්වහන්සේ බුදු මුවින්ම වදාළා තමන් වහන්සේව තුන් කල්හිදීම අපට දැක ගන්න පුළුවන් බව​. ඒ කොහොමද​? අර ඇතැම් අය විශ්වාස කරනවා වගේ මරණින් මත්තෙ ද​? තථාගතයන් වහන්සේ වදාරණවා ‘යෝ ධම්මං පස්සති – සෝ මං පස්සති’…. “යමෙක් ධර්මය දකින්නේද, ඔහු තථාගතයන් වහන්සේ දකින්නේ ය”…. කියලා. මරණින් මත්තේ නෙවෙයි. මේ ජීවිතයේදීම​. මොකද මේක සන්දිට්ඨික වූත්, අකාලික වූත් ධර්මයක්. මේ ජීවිතයේදීම දකිය යුතු, දැකිය හැකි ධර්මයක්. කාලත්‍රයටම පොදුවූ පරණ නොවන ධර්මයක්. ඉතින් ඒ ධර්මය දකින කෙනා තමයි තථාගතයන් වහන්සේව දකින්නට […]

Read more

කරන කලට පව් මීරිය මී සේ…

කරන කලට පව් මීරිය මී සේ…

පින්වත් මිතුරනේ, අපි හැමෝම ආසයිනේ සැප විඳින්න​. ඒ වෙනුවෙන් අපි නානාප්‍රකාර දේවල් කරනවනෙ. කොටින්ම කියතොත් මේ හැම දෙයක්ම කරන්නෙ සැප ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්නෙ. නමුත් අපි අතරෙ මේ ‘සැප​’ පිළිබඳ තියෙන ආකල්ප විවිධාකාරයි. සැප කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපට විවිධාකාර පිළිතුරු ලැබේවි. ඉතින් මේ සැපයේ තියෙන විවිධත්වය වගේම ඒ සැප කරා යන මාර්ගත්, ඒ වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙතුත් විවිධයි. මෙන්න මෙතන තමයි බොහෝ අයට වරදින තැන​. වරද්ද ගන්න තැන​. මොකද මේ ප්‍රුථඃජන ස්වභාවය ඉක්මවා නොගිය බොහෝ දෙනා ඉන්නේ සැපයෙන් අන්ධ වෙලා. සැපයට මුලා වෙලා. ඉතින් ඒ අය උත්සහ කරන්නේ කෙසේ හෝ සැප උදා කර ගැනීම, ළඟා කරගැනීම මිසක එය නිවැරදි මාර්ගයෙන්, නිවැරදි […]

Read more

මේ දුක සත්‍යයක් ම යි…(02)

මේ දුක සත්‍යයක් ම යි…(02)

ඉතින් පින්වත් මිතුරනේ අපි පහුගිය සතියේ මේ ලෝකේ කතා කරන්න අකමැතිම මාත්‍රුකා වලින් එකක් වන ‘දුක​’ නම් වූ ඒ බුදුන් වදාළ පරම සත්‍යය ගැන කතා කරන්න පටන් ගත්තනෙ. ඒ වගේම අපි දන්නවනේ මේ උතුම් ධර්මය ස්වාක්ඛාතයි කියලා. ඉතින් ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන ආශ්චර්‍යවත් විදියට කරුණු කාරනා පෙන්වා දෙමින්, කොටස් වශයෙන් සරලව පහදා දෙමින් පිනැති බුද්ධිමත් දෙව් මිනිසුන් ඒ අසිරිමත් අවබෝධය කරා ගෙන ගියා. ඉපදීම නම් වූ ‘දුක​’ – අපි හැමෝම මේ ලෝකෙට ආවා….. මිනිස්සු වෙලා. තිරිසන් සතෙක් වෙලා තිරිසන් ලෝකෙ නොගිහින්. ප්‍රේතයෙක් වෙලා ප්‍රේත ලෝකෙ නොගිහින්. නිරි සතෙක් වෙලා නිරයේ නොගිහින්. […]

Read more
Page 3 of 612345...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: