subscribe

Archive for the ‘සදහම් සිතුවිළි’ Category

බලන් සබඳ ඒ මුණි තෙද අසිරිය..

අපි හැමෝම දන්නව අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගේ දයාබර මවු තුමිය වූ මහා මායා දේවිය අපේ බෝසත් කුමරු ඉපදී හරියටම දවස් හතක් ගතවූ පසු කළුරිය කලා. එතුමිය මරණින් මතු තව්තිසා දෙව්ලොව මාතෘ දෙව්පුත් ලෙස උපත ලැබුවා. මේ ධර්මතාවය හැම බෝසත් මවු කෙනෙකුටම සිදුවන දෙයක්. එයට හේතුව තමා මහා බෝසතාණන් වහන්සේ කෙනෙකු පිළිසිඳ​ ගත් ඒ මවු කුසින් තව දරුවෙකු බිහි නොවීමයි (ඒ නිසයි සියළුම බෝසත්වරු අවසන් වරට මනු ලොව ඉපදීමට පෙර පස් මහ බැලුම් බලන අවස්ථාවේ දී තමන්වහන්සේ මෙලොවට ඉපදී දවස් හතක් ඇවෑමෙන් කළුරිය කරන, බෝසත් උපතෙන් පසු දවස් හතක් පමණ​ක් ආයුෂ ඇති මවක් තෝරාගන්නේ). ඉතින් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය […]

Read more

මේ දුක සත්‍යයක් ම යි…

මේ දුක සත්‍යයක් ම යි…

උතුම් ගෞතම බුදු සසුනේ සුවඳ විඳින සුපින්වත් මිතුරනේ, ඔබ අප සරණ ගිය තුන්ලෝකාග්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලොව පහල වුනේ එකම එක කරුණක් උදෙසා. ලෝක සත්‍යය​, එනම් චතුරාර්‍ය සත්‍යය ධර්මය කියා දී මේ සසර දුකට වැටුනු සත්වයා ඉන් එතෙර කරවීමට​. බුදු සසුනක් තුළ ඒ වටා සිදුවන අන් සියළු කාරණා සැලකෙන්නේ දෙවනුවයි. ඒ සියල්ල සිද්ධ වන්නේ මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සමාජගත වීමේ දී ඒ සමාජය විසින් ධර්මය පිළිගන්නා වූ ඒ වගේම ඒ තුල හැසිරෙන්නා වූ පිළිවෙල හා සබැඳි සංකීර්ණ ක්‍රියාදාමය තුළ. ඉතින් මොකක්ද මේ චතුරාර්‍ය සත්‍යය​? දන්න නමුත් අමතක අයට ආයෙත් මතක් කරලා දෙමු සරලව​. චතුරාර්‍ය […]

Read more

මැරෙණ ඉපදෙන ලොවක යළිත් නොම සරන්නට..

මැරෙණ ඉපදෙන ලොවක යළිත් නොම සරන්නට..

ජීවිතය නොවේ විඳින්නට හෝ විඳවන්නට මුලාවෙන් නමුදු කරන්නට අවබෝධ ඇති තතු ඇති සැටියෙන් ජරා-මරණ, සෝක-වැළපුම්, දුක්-දොම්නස්, සුසුම් ලීම් ඇතිද ජය ගත් අයෙක්……. දුවමින් පුරාවට පැය 24 පටන් තේරෙන දා හය හතර ලුහුබඳිමින් පුහු කාමයන් මස් වැදලි වන් නොනිම් තරඟයක පැටලී මුලාවෙන් නොමැති ජය කණු මිරිඟු පසු මුව රැලක් වන් නොදකිමින් සසරක දුක, අනියත බියකරු……. ඇතිවූ නිසා හේතුවක් හටගෙන ඇත ඵලයක් පසක් කරමින් ලෝ දහම නැතිවී යයි ඵලය නිරුද්ධ වීමෙන් හේතුව බලන් දෑස් හැර මෑත් කොට මෝහයේ කඩතුරාව ඇතිද මිදුනෙක් දහමින් හේතු-ඵල උපන් නමුදු අත් නොවූ ජරා-මරණ……… තණග දිය බිඳක් වන් ගලා යන දොළක් වන් ජීවිතය සයුර මත පාවෙනා හිම කඳක් […]

Read more

..කිම යළි පතනුව මතු වාරේ…

..කිම යළි පතනුව මතු වාරේ…

පෙර කල බුදු රජවරුන් දකින්නැති සදහම් අසමින් සංසාරේ රහතුන් වැඩි උත්තම මඟ ගන්නට පින් මදි වෙන්නැති මෙතු කාලේ තෙරුවන් සරණින් කළ පින් මහිමෙන් ලත් ක්ෂණ සම්පත මේ වාරේ කෙලෙසින් ඉඩදෙනු ගිලිහී යන්නට මෙවරත් අඳ බලයින් වාගේ….. පෙරේත තිරිසන් අමනුස භවයන් හැකි ද ගණින්නට ආ පාරේ ඝනඳුරු ලෝ කුඹු නිරයෙ පැසෙන්නැති අනේක කල්පයෙ සංසාරේ හැඬූ කඳුළු සමුදුරු පරයන්නැති ලත් සෝ තැවුලින් හැම වාරේ මේ සා බියකරු අනියත සසරක් කිම යළි පතනුව මතු වාරේ….. දෙව් බඹ සුගතියෙ සැප විඳින්න ඇති ලද විරාමයක දිගු ගමනේ පින් කෙළවර නිරයට යළි යන්නැති පව් ගෙවනට කළ සංසාරේ රජ සිටු කුළ වල අන්ථඃපුර මැද සැපයෙන් මත්වී නෙක […]

Read more

මතක ද අපිට මේ දුක් අපි වින්ද වගක්…

මතක ද අපිට මේ දුක් අපි වින්ද වගක්…

උතුම් ගෞතම බුදු සසුනේ පහස ලබන පින්වත් මිතුරනේ, ඔබට කුමක් සිතේ ද මේ දරු පැටියාව දැක්කහම…… ආසවක්…..? ඔබට ඔබේ දරුවාව එහෙමත් නැත්තම් ඔබේ දරුවගේ සුරතල් ළමා කාලය මතක්වෙනව ද? එහෙමත් නැතිනම් ආපසු ළමා කාලයට ඔබට යාමට සිතෙනවා ද? හා ..හා……… පොඩ්ඩක් ඉන්න මම කැමතියි ඔබට මේ රූපයේ දැක්වෙන දරු සිගිත්තට වගේම, අප කොයි කාටත් මෙලොව එලිය දැකීමට පෙර මව් කුසේදි වාගෙම මෙලොව එලිය දුටු විටත් අපි හැමෝටම විදින්න වෙන දුක් කන්දරාව පොඩ්ඩක් මතක් කරල දෙන්න. “මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගොබෙක හෝ රන් කරඩුවක නොවේ. ඔහු පක්වාශය මතුයෙහි ආමශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිරවූ ලෝකාන්තරික […]

Read more
Page 4 of 6« First...23456

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: