subscribe

Archive for the ‘සදහම් සිතුවිළි’ Category

මෙන්න SCIENCE..!

මෙන්න SCIENCE..!

උතුම් ගෞතම බුදු සසුනේ පහස විඳින පින්වත් මිතුරනේ, විද්‍යාවන් කියල කියන නොයෙකුත් දේවල් අපි ඉගෙන තිබෙන තියෙනවා. නමුත් මේ බලන්න බුදුරජාණන් වහන්සේ විද්‍යාවන් කියන්නේ මොනවාද කියලා ලස්සනට පහදලා දෙන ආකාරය. බුද්ධ කාලයෙහි උන්වහන්සේගේ ශ්‍රාවක වූ ඇතැම් රහතන් වහන්සේලා අභිඥා හයක් ලබාගෙන තියෙනවා. එයට ‘ෂඩ් අභිඥා’ කියලයි කියන්නේ. නුවණ දියුණු කිරීමෙන් පහලකරගන්නා මේ උතුම් විද්‍යාවන්, ලබාගන්නා මේ අසහාය ඥාණයන් අයිති වෙන්නේ ප්‍රඥාවටයි. 1 . ඉද්ධිවිධ ඥානය – මෙම ඥාණය තුළින් කෙනෙකුට ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවනි. ඒ කියන්නේ ඒ කෙනාට තමන් වගේ සිය දහස් දෙනක් වුනත් මවන්න පුළුවනි. ඒ සැනෙකින් ආයෙමත් එක්කෙනෙක් වෙන්න පුළුවනි. කාටවත් නොපෙනී යන්න පුළුවනි. බිත්ති, තාප්ප, කඳු, පර්වත […]

Read more

‘වාසනාවන් කළණ මිතුරු ඇසුර’

‘වාසනාවන් කළණ මිතුරු ඇසුර’

උතුම් ගෞතම බුදු සසුනේ පහස විඳින පින්වත් මිතුරනේ, මේ අර්ථාන්විත, ළයාන්විත, මධුර පද පේළි අහපු, විඳපු නැති කෙනෙක් ඉන්නව ඇත්තෙ බොහොම කලාතුරකින්. බලන්න මේ සොඳුරු පද පේළි අතරෙ අසිරිමත් බුද්ධ වචනය ලස්සනට කැටි වෙලා තියෙන අපූරුව. සමහර විට මේකෙ නිර්මාණකරුවන්වත් ඔවුන්ගේ මේ නිර්මාණයට ඒ වගේ අර්ථකතනයක් දෙන්න අදහස් කරන්න නැතුව ඇති. කොහොම නමුත් අද අපේ වෑයම මේ නිර්මාණය අගය කිරීමවත්, ඒකට අළුත් අර්ථකතන දීමට කාලය මිඩංගු කිරීමවත් නෙවේ. ඒ තුළින් අපට ලැබෙන බුදුන් වහන්සේගේ ඒ උතුම් බණ පදය, අසිරිමත් බුදු වදන අපේ ජීවිත සුන්දර කරන, ආලෝකමත් කරන ආකාරය ගැන මොහොතක් කතා කරන්න යි. “භාග්‍යවතුන් වහන්ස, මට නම් හිතෙන්නෙ මේ බුද්ධ […]

Read more

කාට ද මේක තේරෙන්නේ…?

රට්ඨපාල මහරහත් තෙරුන් වදාළ ගාථා කිහිපයක්… පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං, ආතුරං බහුසංකප්පං යස්ස නත්ථි ධුවං ඨිති. හොඳ හැටියට ඇට නහර ගලපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්. නමුත් අඥාන ජනයා බහුලව සිතන්නෙ ම මේ ශරීරය ගැන ම යි. පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලේන ච, අට්ඨිත්තචේන ඕනද්ධං සහ වත්ථේහි සෝභති. මුතු මැණික් ආභරණවලින් සරසලා තිබුණ ත් මේ ශරීරයේ සත්‍ය තත්ත්වය ම යි බලන්ට ඕන. හමකින් ඔතා තිබෙන මේ ඇට ගොඩ ලස්සනට පේන්නෙ ඇඳුම නිසා. අලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං, අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ. දෙපාවල පාට ගාලා තිබුණත්, සුවඳ […]

Read more

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන…..

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන…..

“ආං බලාපන්…. උඩහ ගෙදර ඇසිලියා රට ඉඳල ඇවිල්ල. අර…. අර ටැලිවිසොං පෙට්ටියකුත් ගෙනල්ල. මගෙ අප්පේ…. ඒක ලොකු! දැන් ඉතින් ගමටම ඇහෙන්න පේන්න ඕක දාගෙන ඉඳීවි මහ උජාරුවට. හ්ම්හ්… උන්ට හරිගියා. ඒකට බලාපල්ල අපේ ගෙදර…. කපුටු කූඩුවක් විතර ඇති ටැලිවිසොං එක. කොහෙද ඉතින් අපේ ගෙවල් වල මිනිස්සුන්ට ඕව තේරෙන්නේ නැහැනෙ. කොච්චර කිව්වත් වැඩක් නැහැ.” ….ඒ වැට අද්දර උන් සිරියලතා අල්ලපු ගෙදර මැගිලින් එක්ක ඉරිසියාවෙන් පුපුරමින් කළ කතාබහක කොටසක්. “පුතේ උඹ ඔය ගෙදර ප්ලෑන් එක අඳින මනුස්සයට කියාපන් ගේ කොහොම හරි තට්ටු 3 ට ප්ලෑන් කරන්න කියලා. ඉස්සරහ ගෙදරත් තට්ටු 2 යි. අල්ලපු ගෙදරත් තට්ටු 2 යි. ඒ දෙකටම වඩා උසට අලුත් […]

Read more

පිය උරුමය තුළ වාසය කරමු.

පිය උරුමය තුළ වාසය කරමු.

උතුම් ගෞතම බුදු සසුනේ පහස ලබන පින්වත් මිතුරනේ, අපි හැමෝම මව්-පිය දෙපලකට දාව මෙලොව දුටු පිනැත්තන්…පිනැත්තියන්. අපි හැමෝටම තියෙනව ඒ මව් පියන්ගෙන් උරුම වූ විවිධාකාර දේවල්. අප තුළ මෙන්ම බාහිරව…. රූපය, කටහඬ, වර්ණය ආදිය අප තුළත්, ගේ-දොර, වතු-පිටි, හරක-බාන ආදිය බාහිරවත්. කරුමක්කාර මාරාන්තික ලෙඩ රෝගත් අපට උරුමයෙන් ලැබිය හැකි බව අමතක නොකළ යුතුයි. මේ හැමටම වඩා අප අමතක නොකළ යුතු කාරණාවක් තියෙනව මේ උරුමයන් ගැන….. ඒ තමයි බාහිර වේවා…. අභ්‍යන්තර වේවා…. මේ සියළුම දේවල් නැසී වැනසී යන ස්වභාවයට අයත් බව….. ඔබේ මගේ වසඟයේ පවත්වන්න බැරි බව. ඒ කිව්වේ, මේ දේ මෙසේ වේවා… මේ දේ මෙසේ නොවේවා…. කියල අපට සිතැඟි පරිදි […]

Read more
Page 5 of 6« First...23456

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: