subscribe

Archive for the ‘Noble Friend’ Category

දෙසිය වසරක්‌ පුරා බුදු සසුන එකළු කළ ශ්‍රී කල්‍යාණිවංශය

දෙසිය වසරක්‌ පුරා බුදු සසුන එකළු කළ ශ්‍රී කල්‍යාණිවංශය

බොහෝ දෙවි මිනිසුන්ට හිත සුව පිණිස පහළ වූයේ සම්බුද්ධ ශාසනයයි. සිල් සුරකිනු කැමැත්තහුද, දැහැන් වඩනු කැමැත්තහුද, නුවණ වඩනු කැමැත්තහුද මෙම සසුනෙන් ඵල නෙලූහ. ‚ණාසව මිහිඳු මාහිමියන් වහන්සේ එම උදාර ශාසනය ලක්‌දිව් වැස්‌සන්ටද දායාද කළහ. පරසතුරු උවදුරින් හා කලින් කල හටගත් අනේක උපද්‍රව හේතුවෙන් බුදුසසුනෙහි ප්‍රතිපත්ති ශාසනය මිලිනව නොගියේ නොවෙයි. එහෙත් රාජරාජ මහාමාත්‍යාදීන්ගේ හා නිස්‌සරණධ්‍යාශයෙන් යුතු සංඝනේතෘන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යය නිසා වරින් වර බුදු සසුන උද්දීප්තියට පත්වූහ. මින් වසර දෙසිය හැට ගණනකට පෙර පැවැති අනුපසම්පන්න වූ ගණින්නාන්සේලාගේ යුගය පසුකොට යළිත් උපසම්පන්න භික්‍ෂූන්ගේ යුගයක්‌ ආරම්භ විය. එයට හේතුව වූයේ සරණංකර සාමණේරයන් වහන්සේගේ අප්‍රතිහත උද්යෝගයෙන් හා කීර්ති ශ්‍රී රාජසිංහ නරපතිඳුන්ගේ අනුග්‍රහයෙන් නැවත උපාලිවංශික […]

Read more

බෞද්ධ ශ්‍රාවකයාට හිමි දෙව්ලොව

බෞද්ධ ශ්‍රාවකයාට හිමි දෙව්ලොව

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වී දෙවියන්ටත්, මිනිසුන්ටත් සසරින් එතෙරවෙන මාර්ගය පෙන්වා වදාළාහ. උන්වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන්වහන්සේ යි. මිනිස් ලොවදී සේකබල වඩමින් බොහෝ පින්කර ගන්නා උදවිය දෙවියන් අතර උපදින බව භාග්‍යවතුන් වහන්සේ වදාළාහ. බෞද්ධ ශ්‍රාවකයාට දෙව්ලොව හිමිවන ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සමයේ දී එක් දිනක මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කර අහනවා ‘ස්වාමිනී! අපට නිතර නිතර ඔබ වහන්සේ මුණ ගැසීමට එන්න කාලයක් නැහැ. නමුත් ඔබවහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් ලෙස අපි කළයුත්තේ කුමක් ද?’ භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් මහානාම! ඔබ කරුණු හයක් තමන්ගේ ජීවිතයට පුරුදු කරමින් නිතර නිතර ඒ ගැන සිහි කරන්න. ඒ […]

Read more

ලොව උතුම් දානය – ධර්මදානය​

ලොව උතුම් දානය – ධර්මදානය​

භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ , ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි මේ ධර්ම දෙක අතරින් අග්‍රවන්නේ ධර්ම දානයයි. “සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි” කියා උන්වහන්සේ වදාළා. දානය කියන වචනයෙන් තමයි ධර්මය ගැනත් දේශනා කරලා තිබෙන්නේ. ධර්ම දානය දිමේදී, දානයක් බවට ධර්මය පත්කිරීමේ දී, ධර්මය දන් දීමේදී අපට වැදගත් වන්නේ මේ ධර්ම දානය දෙන්නේ කොහොමද කියන එකයි. ධර්ම දානයේදී පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයම දිය යුතුයි. උන් වහන්සේ දේශනා කළා ධර්ම දානය අග්‍රයි කියලා. එනිසා […]

Read more

කුසල් සිත කල් දාන්න එපා…!

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව පහළවෙලා ඉපදීම මෙන්ම මරණය දුකක් බව වදාළා. මරණයට කවුරුත් කැමැති නැහැ. මරණාසන්න මොහොතේදී ජීවිතය බේරා ගන්න බොහෝ අය පොර බදනවා. මරණාසන්න මොහොතේදී කුසල් සිතක් ඇතිකර ගැනීම හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක් නොවේ. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේගෙන් පිරිසක් අසනවා භාග්‍යවතුන් වහන්ස, යම්කිසි කෙනෙක් මරණයෙන් මතු දුගතියේ ඉපදෙනවා නම් එයට හේතුව කුමක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාළා එයට හේතුව තමයි කළයුත්ත නොකිරීම , නොකළ යුත්ත කිරීම. කළ යුත්ත තමයි පස්පව් , දස අකුසල් නොකර සිටීම, නොකළ යුත්ත තමයි පස්පව් දස අකුසල් කිරීම. එවිට අපට පැහැදිලිය. දස අකුසල් වල නියැලී සිට යම් කෙනෙක් මරණාසන්න මොහොතේදී කුසල් සිතක් ඇතිකර ගන්න සිතනවා […]

Read more

තථාගතයන් වහන්සේ ලොව පහළ වන හේතුව

තථාගතයන් වහන්සේ ලොව පහළ වන හේතුව

රහතන් වහන්සේ හැට නමට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සමාජ සේවය කරමින් යන්නට නොවේ. උන්වහන්සේ දේශනා කළේ ඔබත් මමත් මේ දුක් විඳින සංසාරෙන් අත් මිදුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා උන්වහන්සේ දේශනා කළ ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය ලොව පවතින මේ අවධියේදී ඔබත් එයින් ප්‍රයෝජන ගැනීමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර ගමනින් නිදහස් වීමට අධිෂ්ඨානයක් ඇති කර ගන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලොවට බිහිවන්නේ එකම එක පරමාර්ථයකිනි. ඒ පරමාර්ථය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ සත්ත්වයාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට සසර දුකින් එතෙර කරවීම. භාග්‍යවතුන් වහන්සේ පළමුවන ධර්ම දේශනාව වන […]

Read more
Page 1 of 212

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: