subscribe

Archive for the ‘Sambudu Siritha’ Category

පෙර නො ඇසූ විරූ ධර්මය

පෙර නො ඇසූ විරූ ධර්මය

උපක ආජීවකයා සමග ඇතිවූ කථාබහෙන් පසු භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකාවේ වඩිමින්, පස්වග භික්ෂූන් වහන්සේලා වාසය කළ බරණැස් නුවර ඉසිපතන මිගදාය කරා වැඩම කළා. එදා ඇසළ පුන් පොහෝ දිනයක්. තමන් වෙත වැඩම කරන භාග්‍යවතුන් වහන්සේව පස්වග භික්ෂූන් වහන්සේලා දුරදීම දුටුවා. දැක එකිනෙකා සමග මේ විදියට කථා බහ කරගත්තා. “ඇවැත්නි සිව්පසය බහුල වූ, පධන් වෙර වැඩීමෙන් පිරිහී ගිය, ප්‍රත්‍ය බහුල භාවයට පත්වූ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පැමිණෙනවා. ඒ ශ්‍රමණ ගෞතමයන්හට නො වැදිය යුතු යි. උපස්ථාන නො කළ යුතු යි. පාත්‍ර සිවුරු නො පිළිගත යුතු යි. එසේ වුවත් ආසනයක් තැබිය යුතු යි. ඉදින් කැමති නම් හිඳගනු ඇති.” තෙරක් නොපෙනන සසර ගමනක යමින් විඳින්නට […]

Read more

අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග..

අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග..

මන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මයෙහි ගම්භීර භාවයත් ලෝක සත්වයා කෙලෙස් වසගව ජීවත් වන ආකාරයත් නුවණින් විමසා බැලූ භාග්‍යවතුන් වහන්සේගේ සිත ධර්මය නො දෙසා සිටීමට නැඹුරු වූ ආකාරය සහ සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේට දහම් දෙසුම පිණිස ආරාධනා කළ අයුරු අපි පසුගිය ලිපියෙන් ඉගෙන ගත්තා. සහම්පතී බ්‍රහ්මරාජයාගේ ආරාධනය පිළිගත් භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතුනා. “මම කාට ද පළමුවෙන් ම ධර්මය දේශනා කරන්නේ..? කවුද මේ ධර්මය ඉක්මණින් දැනගන්නේ..?” ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතුනා. “මේ ආළාර කාලාම පණ්ඩිතයි. ව්‍යක්තයි, නුවණින් යුක්ත යි. දීර්ඝකාලයක් කෙලෙස් අඩුවයි කාලය ගත කළේ. ඉදින් මම ආළාර කාලාමට ධර්මය දේශනා කරනවා නම්, ඔහු මේ ධර්මය ඉක්මණින් දැන ගන්නවා..” […]

Read more

රාගයෙන් රක්ත වූවෝ දහම නො දකිත්..

රාගයෙන් රක්ත වූවෝ දහම නො දකිත්..

ජායතන මූලයේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේහට අත්සුණු සහ විළඳ පූජා කරගැනීමෙන් පසු බුදු රජාණන් වහන්සේ සහ ධර්මය සරණ යෑමෙන් ලෝකයේ පළමු ද්වේ වාචික උපාසකයන් බවට පත්වූ, තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන්ගේ පුවත අප පසුගිය ලිපියෙන් ඉගෙන ගත්තා.

Read more

පළමු ද්වේවාචික උපාසකවරු..

පළමු ද්වේවාචික උපාසකවරු..

ර්මයෙන් ම නිර්මිත වූ සොඳුරු ධර්ම කාය දැරූ අප ගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය අතිශයින්ම ආශ්චර්යවත් අද්භූත වූ සිදුවීම් රැසකින් යුක්තයි. ත්‍රිපිටකය පුරා විසිරී පැතිරී පවතින ඒ විශ්මිත සිදුවීම් බොහෝ විට අපට කියවන්නට අසන්නට ලැබෙන්නේ කලාතුරකින්. ස්වාමීන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතු විනය කරුණු අන්තර්ගත විනය පිටකයෙත් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුළ සිදු වූ ඉතා සුන්දර සිදුවීම් රාශියක් අන්තර්ගත වෙනවා. අප මේ උත්සාහ කරන්නේ එම සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්නටයි. මේ සිදුවීම් මනා සිහි නුවණ පිහිටුවාගෙන කියැවීම තුළින් ඔබට භාග්‍යවතුන් වහන්සේ ගැන අපමණ ශ්‍රද්ධාවක් උපදවා ගත හැකි යි. අපගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මෙවැනි ආශ්චර්යවත් අද්භූත ගුණයන්ගෙන් යුතු වූවා නොවේ ද කියා […]

Read more

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: