subscribe

Archive for the ‘Uncategorized’ Category

අනුන්ට ඇඟිල්ල දිගු කොට, තමා නොදැවෙනු පිණිස..!

අනුන්ට ඇඟිල්ල දිගු කොට, තමා නොදැවෙනු පිණිස..!

(පුණ්‍යානුමෝදනාව – දහම් කරුණුවලින් උපකාර කළ ථෙරවාද අභිධම්මට ..) නමෝ බුද්ධාය..!!! දයාබර යාලුවනේ.., මේ කාරණා ටික බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිස යි ලියන්න කල්පනා කළේ. මේ ලිපිය දීර්ඝ වෙන්නට ඉඩ තිබෙනවා.. නමුත් සම්පූර්ණයෙන් කියවීම ඔබට යහපත පිණිස පවතීවි.. අපේ භාග්‍යවතුන් වහන්සේ ගේ සම්බුද්ධ සාසනය කියල කියන්නේ තම තමන් ගේ චිත්ත සන්තානයන් පිරිසිදු කර ගැනීම පිණිස පවතින එකක්. යම් කෙනෙක් තමන් ගේ සිත පිරිසිදු කර ගැනීමේ නිරත වෙනවා නම්, ඒ කෙනා තුළ අනිත් අය ගැනත් කරුණාව මෛත්‍රිය නිතැතින් ම උපදිනවා. එතකොට අන් අයටත් ධර්මය ලබා දෙන්නට හැකියාව එයා තුළ උපදිනවා. නමුත් යම් කෙනෙක්, තමන් ගේ සිත පිරිසිදු කර ගන්නවා […]

Read more

පුරමු පින් අහසක් – වෙනුවෙන් පින්සාර හෙටක්..!!!

පුරමු පින් අහසක් – වෙනුවෙන් පින්සාර හෙටක්..!!!

නමෝ බුද්ධාය..!!! දයාබර යාලුවනේ, අපේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට තව තිබෙන්නෙ සති දෙකකට ටිකක් වැඩි කාලයක් විතර යි. ඉතින් ඒ අසිරිමත් දිනය උදාවන තෙක් බලා සිටින අපි හරියට පරිස්සම් වෙන්න ඕන කරුණු කිහිපයක් තිබෙනවා… ඔබ දන්නවා, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ, ලොකු බලවේගයක් සමග සුවිශාල යුද්ධයක් කරල යි. ඉතින් ඒ බලවේගය අදත් මේ ලෝකය පුරා ම තමන් ගේ අනසක පතුරුවනවා. භාග්‍යවතුන් වහන්සේ ගේ සම්බුද්ධත්වය උදෙසා සැබෑ ම උපහාරයක් දැක්වීමෙන් අපව බැහැර කිරීම උදෙසා මේ දිනවලත් නොයෙක් දේ සිදු වන්නට පුලුවනි. මාර බලවේගයේ ස්වරූපය තමයි සත්වයාව සසර තුළ ප්‍රමාදයට පත් කිරීම. ඒ උදෙසා විවිධ අරමුණු ලබා […]

Read more

පිදෙමු ද.. මුනිඳු අභියස මලක් වී…!!!

පිදෙමු ද.. මුනිඳු අභියස මලක් වී…!!!

හින්දි දේව කථා සාහිත්‍යයේ ඔය අදහස කැටිවුණු එක්තරා පාටයක් තිබෙනවා. හරියට ම කියනවා නම් මෙහෙම යි. “चम्पा तुझमें तीन गुण – रंग, रूप और बास ; अवगुण तुझमें एक ही कि भंवर न आए पास ….චම්පා, තුජ් මේ තීන් ගුන් – රංග්. රූප්, ඕර් බාස් – අවගුන් තුජ් මේ ඒක් හී කි, භන්වර් න ආඒ පාස්….–“අරලියා, නුඹ තුළ ගුණ තුනක් තිබේ, නුඹ වර්ණවත් ය, සුන්දර ය, සුවඳවත් ය.. එක් නුගුණක් ද නුඹ තුළ වේ… නුඹ වෙත බඹරුන් නො පැමිණෙයි..” දේවකථා සාහිත්‍යයේ අරලියා මල වෙත බඹරුන් නො පැමිණීම අඩුවක් හැටියට දක්වල තිබුණත්, මට නම් හිතුනේ ඒක සුවිශේෂී ගුණයක් කියල යි. අරලියා […]

Read more

ඔබට මෙය වටිනවා ද..?

බට මේ ලෝකෙ තිබෙන වටින ම දේ මොකක් ද..? එහෙමත් නැත්නම් ඔබට සිටින වටින ම කෙනා කවුද..? කියල ඇහුවොත් නොයෙක් උත්තර ලැබේවි.. ඇත්තට ම මේ ලෝකය අපි සත්‍යයක් විදියට ගන්න නිසා ම අපිට මේ ලෝකෙ නොයෙකුත් වටිනා දේවල් තිබෙන බව ඇත්ත යි.. වෙනත් විදියකින් කියනවා නම් අපිට අහන්න දකින්න ලැබෙන දේවල් අපි යථාර්තයක් විදියට ගන්නවා. ඒ නිසා ම අපිට මේ ලෝකයේ තිබෙන දේවල් හරි ම වටිනවා. අත් හැර දාන්න බැරි තරම් වටිනවා. අපි යමකට දෙන වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න, ඒ දේට තිබෙන අපේ කැමැත්ත වැඩි වෙනවා. වැඩියෙන් ම වටිනා දේවල්, අපි ගොඩක් ආදරයෙන් ආරක්ෂා කරගන්නවා. ඒ දේවල් ගැන වැඩියෙන් […]

Read more

සුවඳ වෙන්න කැමති යි ද..?

සුවඳ වෙන්න හැමෝම කැමති යි.. එහෙම නේ ද..? ඒත් මේ කය ගඳයි.. ඒක තමයි ඇත්ත. ඉතින් මේ කය ගඳ හින්ද ම නිතර නාන්න හෝදන්න ඕන. ඒ වගේ ම සුවඳට ඉන්න කැමති අය එක එක සෙන්ට් වර්ග ත් පාවිච්චි කරනවා. ඒවයෙ සුවඳත් ඉතින් වැඩි වෙලාවක් නම් තියෙන්නෙ නැහැ. දාඩිය ගඳත් එක්ක කවලම් වෙලා අමුතුම (දු)ගන්ධයක් හමන්න ගන්නවා.. කොහොම වුණත්, ඔබ දන්නව ද, ඇත්තට ම මේ ශරීරයෙන් සුවඳ හමන අය මේ ලෝකෙ හිටියා. විස්වාස කළත් නැතත් මේ කියන්නේ ඒ වගේ උත්තමයෙක් ගැන. සුවඳවත් සිරුරක් ඇති ව ඉපදුනු නිසා ම මේ පින්වන්තයාට නම තිබ්බේ සුගන්ධ කියල. පසුකාලෙක පැවිදි ජීවිතට පත් වුණ උන්වහන්සේ තමන් […]

Read more
Page 3 of 712345...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: