subscribe

Archive for the ‘Uncategorized’ Category

අල්ලන විට ඈත්ව​න – අත්හරින විට ළංව​න – සැනසිල්ල….

අල්ලන විට ඈත්ව​න – අත්හරින විට ළංව​න – සැනසිල්ල….

විමුක්තිය, නිදහස්වීම, එහෙමත් නැත්නම් සැනසීම, සතුට කියන්නෙ මහ පුදුමාකාර ධර්මතාවයක්. හැමෝම වගේ සැනසීමට කැමතියි. ඒත් කැමති වෙන පළියට ඒ දේ ලැබෙන්නෙ නැත්තෙ ඇයි…? ගොඩක් හේතු තියෙනවා…. විමුක්තිය එහෙමත් නැත්නම් සැනසුම ගැන කියන මේ දේවල් ඇතැම් විට ඔබට ප්‍රයෝජනවත් වේවි. ↓↓↓ ඉතින් ඒ නිසා සදා සැනසිල්ල ලබා ගන්න නම්, හැම දෙයක් ම අත්හරින්න. අන් අයගේ සතුට දැකල සතුටු වෙන්න. අන් අය ගේ සැනසුමට කැමති වෙලා ඒ පිණිස කටයුතු කරන්න. අන් අයගෙ සතුට සැනසුම වෙනුවෙන්, තමන්ගෙ දේවල් කැපකරන්න. එතකොට සදා සැනසුම ඔබව අත් නො හැර පවතීවි. එය එසේ ම වේවා..!!! සදා සැනසිල්ල වේවා !!!

Read more

ඇයි ඔයා ඔච්චර ලස්සන..?

ඇයි ඔයා ඔච්චර ලස්සන..?

පි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි… දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්‍රසාදයක් ඇති වෙන්නෙ නැහැ. කොහොම නමුත් ලස්සන-අවලස්සන කියන මේ සාපේක්ෂ ධර්මතාවයන් නිසා කෙලෙස් සහිත ලෝකයා අධිමානයත් හීන මානයත් කියන අකුසල ධර්මතාවයන් දෙක උපදවා ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය.. අපි ලස්සන කෙනෙකුගෙන් ඇහුවොත් “ඇයි ඔබ ඔය තරම් ලස්සන…? “ කියල, ඒකට විවිධ පිළිතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. සමහර අය කියාවි “I’m gifted..“ කියල. තවත් සමහර අය විවිධ රූපලාවන්‍ය විධි ක්‍රම ගැන කථා කරාවි. සමහර අය තමන් ගේ දෙමව්පියන් ගැන කථා කරාවි. නමුත් ඒ […]

Read more

උත්තමාවී…

උත්තමාවී…

ද ලෝක සම්මතයෙන් කාන්තා දිනය සැමරෙනවා. කාන්තාවන් උදෙසා සැබෑ නිදහසේ මංපෙත් විවර කරදුන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දහම් අනුශාසනාව යම් කාන්තවක් අද දිනයේ සිහි කරනවා නම්, එය ඇයටත් උත්තම විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනවා නියත යි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් දහම් මාවතේ පුරුෂ වීරියෙන් යුතු ව හැසිරුණු උතුම් කාන්තාවන් සියලු දුකින්, සියලු බන්ධන වලින්, සියලු සම්මත වලින් නිදහස් වුණා. මරුට පවා අභියෝග කළ ඒ උත්තමාවියන්ට මේ උතුම් දම් දෙසුම පුෂ්පෝපහාරයක් ම වේවා…! බුදු කරුණාවේ අනුහසින් තුන් ලොව ජයගත් ඒ උත්තමාවියන්ට අප ගේ වන්දනාව වේවා..!!!

Read more

උත්තම පූජා…!!!

උත්තම පූජා…!!!

අසතියෙන් ජීවිතය ගත කරන සෑම මොහොතක දීම අපි නිවනින් ඈත් වෙන්නේ සිතා ගන්නටත් බැරි තරම් වේගයෙන්. කෙතරම් දහම් දැනුමක් තිබුණත්, කෙතරම් ධර්මය කථා කළත්, අන් අයට ධර්මය දෙන්නට මූලික වෙලා කටයුතු කළත්, යම් කිසි කෙනෙක් බහුලව කල් ගෙවන්නේ අසතියෙන් නම්, එයා ඉන්නේ මාර වසඟයේ. මාර වසඟයේ සිටින කෙනා ගමන් කරන මාවත යොමු වී තිබෙන්නේ ඉපදෙන මැරෙන සංසාරයට ම මිසක් වෙන දිසාවකට නොවෙයි. ඒ නිසා සෑම මොහොතක ම සිහිය පිහිටුවා ගැනීම අතිශයින් වැදගත් වෙනවා. එහෙම නූනොත් ධර්මය මුණ ගැසීමෙන් ලැබුණු ලාභය නො දැනීම අහිමි වෙලා යන්ට සුවිශාල ඉඩ කඩක් තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය කෙනෙකු ගේ ජීවිතයට මුණ ගැසීම කියන්නෙ කොයිතරම් […]

Read more

සෑසි මුනි සිහනද

වෙසෙස් පුණ්‍යානුමෝදනාව​: රිවිර පුවත්පත

Read more
Page 4 of 7« First...23456...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: