subscribe

Archive for the ‘Uncategorized’ Category

ඔබ ධර්මය තුළ දියුණු වෙනවා ද කියා දැන ගන්නේ කොහොම ද…?

ඔබ ධර්මය තුළ දියුණු වෙනවා ද කියා දැන ගන්නේ කොහොම ද…?

දයාබර යාලුවනේ, බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තමයි මේ ලෝක‍යේ තිබෙන අසිරිමත්ම දේ. ඒ ධර්මය සිතා ගන්නට බැරි තරම් අසිරිමත්. එහෙම වෙන්නෙ කරුණු කාරණා රාශියක් නිස යි. ඒ අසිරිමත් කරුණු අතර තිබෙන සුවිශේෂී ම දෙයක් තමයි, සම්බුදු සමිඳුන් ගේ ධර්මය කථිතමාත්‍රයකින් කෙළවර නොවීම… ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය, කවදාවත් කතාබහකින් ඉවර වෙන දෙයක් ‍නෙවෙයි. ධර්මය කියන්නේ හැම විට ම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ යුතු දෙයක්. යම් කිසි කෙනෙක් තුළ ධර්මය ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, ඒ කෙනා බුදු සමිඳුන් ගේ ධර්මය තුළ මිය ගිය කෙනෙක්. ඒ කියන්නේ එයා තුළ සද්ධර්මය ජීවමාන වෙන්නේ නැහැ. ඒ නිසා ධර්ම […]

Read more

ධර්මප්‍රචාරයට මුවා වී අන්තර්ජාලයට ඇබ්බැහි වීම..!

ධර්මප්‍රචාරයට මුවා වී අන්තර්ජාලයට ඇබ්බැහි වීම..!

දයාබර යාලුවනේ… ධර්මය කියන්නේ ඉතා ම සුන්දර දෙයක්. හුදෙකලාව ම දහම් මග වඩන මිනිසුන් ගේ හදව‍ත්, ඒ සොඳුරු දහම තුළින් සදාකාලික ව ම සුන්දර වෙනවා. නමුත් ජීවිතය ධර්මයෙන් සුන්දර කරගන්නවා කියන එක, ඉතා ම සියුම් නුවණක් ඇති, ලෝකය විනිවිද දකින්නට පුලුවන් උත්තමයින් විසින් ම සිදු කරන දෙයක්. විවිධ වෙස් අරගෙන අපිව රවටන‍ මේ සිතේ වංචනික ස්වභාවයන්, සංසිදී ගිය සිතකින් සහ සියුම් ප්‍රඥාවකින් ‍මිසක් වෙන විදියකින් තේරුම් ගන්න බැහැ. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හා ලාටුවෙන් ඇලුණු ලෝක සත්වයාට දුක කියන්නේ මහා බියක්. අවිද්‍යා කඩතුරාව ඉරා දමල, තණ්හා ලාටුව වියලවා දමල, ලෝකයේ යථාර්ථය විවර කරගන්ට අපිට නො හැකිවන්නේ, ප්‍රමාදය ත් මසුරුකම ත් අපේ සිත් […]

Read more

ජීවමාන ධර්මයක් තුළ මළකඳන් වෙන්න එපා…!!!

දයාබර යාලුවනේ… මිනිසුන් ගේ සිත් පිරිහෙන්න පටන් ගත්තෙ අද ඊයෙ ඉදන් නොවෙයි.. පරමායුෂ අඩුවෙන්න පටන්ගත්තේ යම් කාලයක ඉදන් ද එදා සිටන් ම මිනිසුන් ගේ සිත් ටික ටික පිරි‍හිලා යනවා. කාලය දක්වන්න එහෙම කිව්වත්, ඇත්තෙන් ම කියනවා නම් සිත් පිරිහෙන්න පටන් ගත් දා ඉදන් තමයි,ආයුෂ අඩුවෙන්ට පටන් ගත්තේ. ඉතින් අද වෙනකොට මිනිස්සු කෙතරම් නම් පිරිහිලා ද.. සිතා ගන්ටවත් බැරි තරම්. බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය පවා,ආදුනික කෙනෙකුට තොරා බේරා ගන්නට බැරි මට්ටම ම අවුල් කරල දමන්ට තරම් මිනිසුන් පිරිහිලා. විවිද මතවාද,පුද්ගලික අදහස්, යෝජනා චෝදනා,කෙළවරක් නැහැ. මේ සියල්ල මැද්දෙන්,නිවන් මගේ ගමන් කරනවා කියන එක සිතා ගන්නට ත් බැරි තරම් අපහසු දෙයක් හැටියට […]

Read more

අසාධුං සාධුනා ජිනේ….

අසාධුං සාධුනා ජිනේ….

දයාබර යාලුවනේ, පුංචි කාරණයක් මතක් කරල දෙන්න ඕන කියල හිතුන, දීඝ නිකාය පොත් වහන්සේ ගේ තිබෙන බ්‍රහ්මජාල සූත්‍ර දේශනාව, සමහර විට හැමෝ ම වගේ කියවල ඇති. ඒ සූත්‍ර දේශනාවේ තිබෙනවා අපූරු කථාවක්. ඒ දවස්වල අප ගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ පන්සීයක් පමණ වුන භික්ෂූන් වහන්සේලාත් සමග රජගහ නුවරත් නාලන්දා නුවර අතර දීර්ඝ මාර්ගයේ වැ‍ඩම කරමින් සිටියා. ඒ මාර්ගයේ ම යි සුප්පිය කියන පරිබ්‍රාජකයා ත් ඔහු ගේ ගෝලයා වුන බ්‍රහ්මදත්ත කියන මානවකයාත්, භාග්‍යවතුන් වහන්සේටත් භික්ෂුසංඝයාට ත් පිටුපසින් පැමිණෙමින් සිටි‍යේ. සුප්පිය පරිබ්‍රාජකයා භාග්‍යවත් බුදු රජාණන් වහන්සේට ත් ශ්‍රී සද්ධර්මයට ත් ආර්ය මහා සංඝරත්නයටත් නොයෙක් අයුරින් ගර්හා කරමින්, නින්දා අපහාස කරමින් තමයි පිටුපසින් […]

Read more

වෙසක් සදහම් හසුන (2010)

වෙසක් සදහම් හසුන (2010)

දැහැමි සිතුවිළි පහළ වේවා…..! මේ දවස්වල වැහි මන්දාරමින් මුලු නුවරම අඳුරු වෙලා ගිහින්. තෙත බරිත වෙච්ච රොබරෝසියා ගස්වල මල් නුවර වැවේ දිය කඳ මත රටාවකට වැතිරිලා. සුදෝ සුදු මීදුම් කැටි හන්තාන වසාගෙන හිමි හිමීට පාවෙලා යනවා. තව ටික දවසකින් මේ වැහි අඳුර බිඳගෙන හන්තාන කන්ද මුදුනින් රත්තරන් පාට වෙසක් පුන් සඳ පායාගෙන ඒවි. කාලය මොන තරම් නම් වේගයෙන් ගලා ගිහින්ද..? සමන්ත භද්‍ර වූ බුදු සමිඳුන් ලෝකය බබුලුවමින් මේ මිහිතලය මත වැඩ හිඳපු යුගය තවත් වසරකින් අපගෙන් ඈත් වෙලා. හිතට පුංචි දුකක් දැනුනත්, ඈතින් හීනියට ඇහෙන දළදා තේවාවේ හේවිසි හඬ නිසා අපි ඒතරම් අවාසනාවන්ත නෑ නේද කියලත් මොහොතකට හිතුන. මොකද දන්නව […]

Read more
Page 5 of 7« First...34567

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: