subscribe

..කිම යළි පතනුව මතු වාරේ…

..කිම යළි පතනුව මතු වාරේ…

පෙර කල බුදු රජවරුන් දකින්නැති සදහම් අසමින් සංසාරේ
රහතුන් වැඩි උත්තම මඟ ගන්නට පින් මදි වෙන්නැති මෙතු කාලේ
තෙරුවන් සරණින් කළ පින් මහිමෙන් ලත් ක්ෂණ සම්පත මේ වාරේ
කෙලෙසින් ඉඩදෙනු ගිලිහී යන්නට මෙවරත් අඳ බලයින් වාගේ…..

පෙරේත තිරිසන් අමනුස භවයන් හැකි ද ගණින්නට ආ පාරේ
ඝනඳුරු ලෝ කුඹු නිරයෙ පැසෙන්නැති අනේක කල්පයෙ සංසාරේ
හැඬූ කඳුළු සමුදුරු පරයන්නැති ලත් සෝ තැවුලින් හැම වාරේ
මේ සා බියකරු අනියත සසරක් කිම යළි පතනුව මතු වාරේ…..

දෙව් බඹ සුගතියෙ සැප විඳින්න ඇති ලද විරාමයක දිගු ගමනේ
පින් කෙළවර නිරයට යළි යන්නැති පව් ගෙවනට කළ සංසාරේ
රජ සිටු කුළ වල අන්ථඃපුර මැද සැපයෙන් මත්වී නෙක වාරේ
දුගතිගාමි අකුසල් පුරවන්නැති ලාමක සැප සොයමින් දිවියේ…..

ලද විට දහමත් මිනිසත් භවයත් කළණ මිතුරු බස් සඟ රුවනේ
මන් ද පමා වඩනට බල ප්‍රඥා සීල සමාධිත් මඟ නිවනේ
මොහොතක් විය යුතු නොපමා ලෙස නිවනා ගිනි ගත් හිස හනි හනිකේ
අප්‍රමාදයෙන් වඩනෙමු වීරිය කළ යුතු දෙය කරනට සසුනේ…..

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: