subscribe
Slider Image

පුරමු පින් අහසක් ~ වෙනුවෙන් පින්සාර හෙටක් :: 02

පුරමු පින් අහසක් ~ වෙනුවෙන් පින්සාර හෙටක් :: 02

ථම්භාරෝපක ථේරාපදානය ධම්මදස්සී බුදුරජුන් පිරිනිවී කල්හී එම බුද්ධ ශේෂ්ඨයන් වහන්සේගේ චෛත්‍යයෙහි ධජස්ථම්භයක් නැංවීමි. ඉණිමගක් සාදවා උතුම් සෑයට නැගුනෙමි. දෑ සමන් මල් ගෙන සෑයට පිදීමි. එකී පුණ්‍ය කර්මය හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ ථූප පූජාවෙහි විපාකයයි. මින් සිව් අනූවන කපෙහි මහත් බල ඇති ථූප සිඛර නම් වූ සොළොස් සක්විති රජ කෙනෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළි සිඹියාවෝ ද, අෂ්ඨ විමෝක්ෂයෝ ද, ෂඞ් අභිඥවෝ ද, සාක්ෂාත් කරන ලදි. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදි. මේ අයුරින් ආයුෂ්මත් ථම්භාරෝපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක. ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ නාගසමාල ථේරාපදානය මම සියලූ නගර වාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා නගර මැද වීදියෙහි සුණු ගඩොල් ආදියෙන් නිමවන ලද […]

Read more

පුරමු පින් අහසක් ~ වෙනුවෙන් පින්සාර හෙටක් :: 01

පුරමු පින් අහසක් ~ වෙනුවෙන් පින්සාර හෙටක් :: 01

පභංකර ථේරාපදානය පදුමුත්තර බුදුරජුන්ගේ ස්ථූපයක් චන්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත් මහා වනයෙහි විය. චෛත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලූනු බිඳී ගිය එකක් විය. මම වනයේ කටයුතු කරන වන කාර්මිකයෙක් වීමි. මම එම බුදුරජුන්ගේ ධාතු නිදන් කළ සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපිදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මෙම ස්ථූපය පිරිසිදු නොකර අන් කටයුතු වල යෙදෙන්නේ නම්, එය නුසුදුසුයි සිතා මම චෛත්‍යයෙහි වූ කොළ ද, දර ද, වැල් ද පිරිසිදු කොට ගලවා දමා අටවරක් නැවුණේ, උක්කුටිකයෙන් හිඳ වැඳ ගියෙමි. මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙන ද, චිත්ත ප‍්‍රීතියෙන් කල පැතුම කරණ කොට ගෙන ද […]

Read more

නමඳිමු ඒ මුනි ගුණ මත්තේ…

නමඳිමු ඒ මුනි ගුණ මත්තේ…

බුදු ගුණ භාවනාව​ 1. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ, සියළු රාග, ද්වේශ, මෝහ දුරු කල සේක. සියළු අකුසල ධර්මයන් ප්‍රහානය කල සේක. සියළු කුසල ධර්මයන් උපදවා ගත් සේක. සියළු කෙළෙසුන් කරෙන් නිදහස් වී වදාළ සේක. රහසින්වත් පව් නොකල සේක. සියළු පාපයන්ගෙන් මිදුන සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා , ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක. බුදුරජාණන් වහන්සේ , ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කල සේක. බුදුරජාණන් වහන්සේ, කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. බුදුරජාණන් වහන්සේ, නාසයෙන් ගඳ සුවඳ දැන, ඒ […]

Read more

ලොව උතුම් දානය – ධර්මදානය​

ලොව උතුම් දානය – ධර්මදානය​

භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ , ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි මේ ධර්ම දෙක අතරින් අග්‍රවන්නේ ධර්ම දානයයි. “සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි” කියා උන්වහන්සේ වදාළා. දානය කියන වචනයෙන් තමයි ධර්මය ගැනත් දේශනා කරලා තිබෙන්නේ. ධර්ම දානය දිමේදී, දානයක් බවට ධර්මය පත්කිරීමේ දී, ධර්මය දන් දීමේදී අපට වැදගත් වන්නේ මේ ධර්ම දානය දෙන්නේ කොහොමද කියන එකයි. ධර්ම දානයේදී පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයම දිය යුතුයි. උන් වහන්සේ දේශනා කළා ධර්ම දානය අග්‍රයි කියලා. එනිසා […]

Read more

‘වස්සානයේ බුදු ගුණ සුවඳ​’ :: 03

124. පින්බර පින්සිරි නෙත් කැලුමාණෙනි වන්දේ 125. සිරි දළදා ඇති බුදු සමිඳාණෙනි වන්දේ 126. මිහිරි සිනහ ඇති මුණිවරයාණෙනි වන්දේ 127. බැම හකුලා නොබලන මුනිඳුනි වන්දේ 128. ආදරයෙන් බලනා මුනිඳාණෙනි වන්දේ 129. වැළපෙන හද සනසන මුනිඳාණෙනි වන්දේ 130. විපතින් මා වළකන මුනිඳාණෙනි වන්දේ 131. ලෙඩ දුක් දුරුකරනා නිදුකාණෙනි වන්දේ 132. බවදුක් දුරුකරනා මුනිඳාණෙනි වන්දේ 133. ලෝ සත සනසන බුදු සමිඳාණෙනි වන්දේ 134. සැපත සදාලන බුදු සමිඳාණෙනි වන්දේ 135. භය දුරු කරනා බුදු සමිඳාණෙනි වන්දේ 136. නිරතුරු මා සුරකින මුනිඳාණෙනි වන්දේ 137. බිය සැක දුරු කරවාලන මුනිඳුනි වන්දේ 138. සදහම් නද පතුරන මුනිඳාණෙනි වන්දේ 139. මරණින් මුදනා මඟ දෙසුවාණෙනි වන්දේ 140. අමරණීය […]

Read more
Page 11 of 32« First...910111213...2030...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: