subscribe
Slider Image

‘වස්සානයේ බුදු ගුණ සුවඳ​’ :: 02

‘වස්සානයේ බුදු ගුණ සුවඳ​’ :: 02

61. ද්වේශ නසාලු මෙත් ගඟුලාණෙනි වන්දේ 62. සුගත අකම්පිත බුදු සමිඳාණෙනි වන්දේ 63. මෝහ විමෝහිත වීරනරාණෙනි වන්දේ 64. සම්මා සම්බුදු මුණිවරයාණෙනි වන්දේ 65. අහසින් වඩිනා බුදු සමිඳාණෙනි වන්දේ 66. දියමත වඩිනා ගුණමුහුදාණෙනි වන්දේ 67. මිහිකත සිඹිනා පායුගයාණෙනි වන්දේ 68. පිවිතුරු ආදරයේ මුනිඳාණෙනි වන්දේ 69. අප වෙත වඩිනා බුදු සමිඳාණෙනි වන්දේ 70. අප වෙත නෙත් හෙළනා මුනිඳාණෙනි වන්දේ 71. අපගේ දුක දකිනා මුනිඳාණෙනි වන්දේ 72. ඒ දුක දුරුකරනා මුනිඳාණෙනි වන්දේ 73. කඳුළැලි පිස දමනා මුනිඳාණෙනි වන්දේ 74. සැනසිලි බස් දොඩනා මුනිඳාණෙනි වන්දේ 75. හද සනසන බස් ඇති මුනිඳාණෙනි වන්දේ 76. අමා සිසිල බෙදනා මුනිඳාණෙනි වන්දේ 77. අමාමෑණි සම්බුදු සමිඳාණෙනි වන්දේ 78. […]

Read more

සදහම් සයුරෙන් දිය දෝතක්… (සිව්වන දිගහැරුම)

සදහම් සයුරෙන් දිය දෝතක්… (සිව්වන දිගහැරුම)

සර්පයාද බැහැර කෙරුව – දිරා ගියපු හැවක් ලෙසින්…. ~ 01 (සුත්ත නිපාතයේ උරග සූත්‍රය ඇසුරෙනි…) අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පන්සාළිස් වසරක් පුරාවට දෙව් මිනිසුන්ගේ සසර දුක් නිවාලන්නට දේශනා කරන ලද ශ‍්‍රී මුඛ බුද්ධ දේශනා දහ අට දහසකට ආසන්න ප‍්‍රමාණයක් සූත‍්‍ර පිටකයේ සඳහන් වෙයි. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය යන නිකාය ග‍්‍රන්ථවල ඒ අතිඋතුම් බුද්ධ වචනය වැඩසිටින්නේ සරත් කල වළා පහවූ අහසෙහි විරාජමානව බබලන හිරු මඬල පරිද්දෙනි. සසර කතරෙහි මංමුලා වූ ලෝ සතුනට ඒ බුදුවදන් අමා වැස්සක්ම බඳු විය. එතුළින් සසර දුක සදහටම නිවාගත් දෙව් මිනිසුන් අපමණය. වරෙක සක් […]

Read more

කුසල් සිත කල් දාන්න එපා…!

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව පහළවෙලා ඉපදීම මෙන්ම මරණය දුකක් බව වදාළා. මරණයට කවුරුත් කැමැති නැහැ. මරණාසන්න මොහොතේදී ජීවිතය බේරා ගන්න බොහෝ අය පොර බදනවා. මරණාසන්න මොහොතේදී කුසල් සිතක් ඇතිකර ගැනීම හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක් නොවේ. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේගෙන් පිරිසක් අසනවා භාග්‍යවතුන් වහන්ස, යම්කිසි කෙනෙක් මරණයෙන් මතු දුගතියේ ඉපදෙනවා නම් එයට හේතුව කුමක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාළා එයට හේතුව තමයි කළයුත්ත නොකිරීම , නොකළ යුත්ත කිරීම. කළ යුත්ත තමයි පස්පව් , දස අකුසල් නොකර සිටීම, නොකළ යුත්ත තමයි පස්පව් දස අකුසල් කිරීම. එවිට අපට පැහැදිලිය. දස අකුසල් වල නියැලී සිට යම් කෙනෙක් මරණාසන්න මොහොතේදී කුසල් සිතක් ඇතිකර ගන්න සිතනවා […]

Read more

සදහම් සයුරෙන් දිය දෝතක් -තෙවැනි දිගහැරුම

කයෙහි තිබෙන ඇත්ත ගැනම – පවතීවා නිතර සිහිය… ~ 03 කයෙහි යථා ස්වභාවය මැනැවින්ම දන්නා අයෙක් වේ නම්, ඒ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. ලෝක සත්වයා මුලාවෙන් මුලාවට පත්වන්නා වූ මේ කයෙහි ඇත්ත ස්වභාවය බැලූ බැල්මට අපට ප‍්‍රකට නොවේ. එහෙත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට නුවණින් යුතුව විමසා බලන විට ය, මෙතෙක් කල් සුන්දරත්වයේ ප‍්‍රතිමූර්තියක් වශයෙන් සිතා සිටි මේ ශරීරයෙහි සත්‍ය ස්වභාවය පැහැදිලි වන්නේ. කය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොතරම්ම පුළුල් දැයි අපට යන්තමට හෝ සිතාගත හැක්කේ මෙබඳු සදහම් දෙසුම් සැදැහැ සිත් පුබුදුවාගෙන කියවා බලන කල්හි ය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අතිශය සෝභමාන වූ සම්බුදු සිරුරකට […]

Read more

සදහම් සයුරෙන් දිය දෝතක් -දෙවැනි දිගහැරුම

කයෙහි තිබෙන ඇත්ත ගැනම – පවතීවා නිතර සිහිය… ~ 02 බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා බැලීමේදී කයෙහි යථා ස්වභාවය නුවණින් විමසා බැලීම මූලික අංගයකි. එයට එතරම්ම වැදගත්කමක් හිමි වී ඇත්තේ වඩාත් ප‍්‍රකට වූ දෙයක් තුළින් ඉතා පහසුවෙන් ධර්මයට පිවිසිය හැකි නිසා ය. කය බිඳී යාම, ජරා ජීර්ණත්වයට පත් වීම, ලෙඩ දුක්වලට භාජනය වීම නිරන්තරයෙන් ම දැකිය හැකි පොදු ධර්මතාවයකි. වරක් තමන්වහන්සේ හමුවට පැමිණි බොහෝ සේ ජරාජීර්ණව ගිය, වයස්ගත වූ, ලෙඩ දුක් වලින් පීඩාවට පත් වූ නකුලපිතු නම් උපාසක පින්වතෙකු අරභයා බුදුරජාණන් වහන්සේ කය ගැන වදාළ මේ ප‍්‍රකාශය දෙස බලන්න. අපගේ ශාස්තෘන් වහන්සේ කයෙහි ඇති යථා ස්වභාවය ඒ අයුරින් ම පරිපූර්ණ […]

Read more
Page 12 of 32« First...1011121314...2030...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: