subscribe
Slider Image

මේ දුක සත්‍යයක් ම යි…

මේ දුක සත්‍යයක් ම යි…

උතුම් ගෞතම බුදු සසුනේ සුවඳ විඳින සුපින්වත් මිතුරනේ, ඔබ අප සරණ ගිය තුන්ලෝකාග්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලොව පහල වුනේ එකම එක කරුණක් උදෙසා. ලෝක සත්‍යය​, එනම් චතුරාර්‍ය සත්‍යය ධර්මය කියා දී මේ සසර දුකට වැටුනු සත්වයා ඉන් එතෙර කරවීමට​. බුදු සසුනක් තුළ ඒ වටා සිදුවන අන් සියළු කාරණා සැලකෙන්නේ දෙවනුවයි. ඒ සියල්ල සිද්ධ වන්නේ මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සමාජගත වීමේ දී ඒ සමාජය විසින් ධර්මය පිළිගන්නා වූ ඒ වගේම ඒ තුල හැසිරෙන්නා වූ පිළිවෙල හා සබැඳි සංකීර්ණ ක්‍රියාදාමය තුළ. ඉතින් මොකක්ද මේ චතුරාර්‍ය සත්‍යය​? දන්න නමුත් අමතක අයට ආයෙත් මතක් කරලා දෙමු සරලව​. චතුරාර්‍ය […]

Read more

ඔබ ස්වාධීන වීමට කැමැති ද?

ඔබ ස්වාධීන වීමට කැමැති ද?

වත්මන් සමාජයේ දරුවන් ඉතා අඩු වයසින් ම ස්වාධීන වීමට ගන්නා උත්සාහයක් අද වන විට දක්නට ලැබෙනවා. මීට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. බටහිර රටවල දරුවන් ඉතා අඩු වයසින් ම සිය ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට පෙළඹී සිටින බව පෙනෙන්නට තිබෙනවා. අප සමාජයේ කුඩා දරුවන් පවා දැන් පෙම්වතුන් හෝ පෙම්වතියන් ලෙස හැසිරෙන්නට පටන් අරන්. මා ඔබට කියන්නම් මෑතක දී සිදු වූ අපූරු සිදුවීමක් ගැන. මේ සිද්ධියට සම්බන්ධ වූ දියණියගේ වයස අවුරුදු දහතුන යි. ඈ පාසලේ හත්වැනි වසරේ දරුවෙක්. ඈ වැලන්ටයින් දිනයේ දී පේ‍්‍රමවන්තයකුට ලිපියක් ලිව්වා. මුද්දකුත් සොයා ගත්තා. පෙම්වතා ගේ වයස අවුරුදු දාහතරයි. ඉතින් මේ දුව මේ මුද්ද අර පෙම් ලිපියේ දවටලා […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 21

417. සෝ භගවා ඉතිපි ඉච්ඡාවිනයෝ:- කැමැත්ත දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉච්ඡාවිනය’ වන සේක. 418. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියගුත්තෝ:- ඉන්ද්‍රියයන් ආරක්ෂා කරගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියගුත්ත’ වන සේක. 419. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසංවුතෝ:- ඉන්ද්‍රියයන් සංවර කර ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසංවුත’ වන සේක. 420. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසම්පන්නෝ:- ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසම්පන්න’ වන සේක. 421. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියකුසලෝ:- සියලු ඉන්ද්‍රියයන් පිළිබඳ දක්ෂ හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියකුසල’ වන සේක. 422. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසංවරසම්පන්නෝ:- ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසංවරසම්පන්න’ වන සේක. 423. සෝ භගවා ඉතිපි ඉන්දීවරෝ:- නිලුපුල් […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 20

බුදු ගුණ අනන්ත යි ෴ 20

401. සෝ භගවා ඉතිපි ආයතනකුසලෝ:- අධ්‍යාත්මික බාහිර ආයතන විෂයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආයතනකුසල’ වන සේක. 402. සෝ භගවා ඉතිපි ආමන්තකෝ:- සද්ධර්මයෙන් ලෝකය අමතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආමන්තක’ වන සේක. 403. සෝ භගවා ඉතිපි ආරද්ධවිරියෝ:- ඇරඹූ වීරියෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරද්ධවිරිය’ වන සේක. 404. සෝ භගවා ඉතිපි ආරක්ඛසති:- සුරකින ලද සිහියක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරක්ඛසති’ වන සේක. 405. සෝ භගවා ඉතිපි ආරාචාරී:- ලෝකයෙන් වෙන් වී හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරාචාරී’ වන සේක. 406. සෝ භගවා ඉතිපි ආරෝගගතෝ:- පරම නිරෝගී භාවය නම් වූ නිවනට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරෝගගත’ වන සේක. 407. සෝ […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 19

376. සෝ භගවා ඉතිපි අදීනමානසෝ:- කෙළෙසුන්ට හෝ කිසිවෙකුට හෝ යටපත් නො වන මනසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදීනමානස’ වන සේක. 377. සෝ භගවා ඉතිපි අපලෝකිතප්පත්තෝ:- විනාශ නො වන ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපලෝකිතප්පත්ත’ වන සේක. 378. සෝ භගවා ඉතිපි අඛෝභියෝ:- කිසි දිනෙක නො කැළඹෙන සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඛෝභිය’ වන සේක. 379. සෝ භගවා ඉතිපි අදෝසෝ:- කිසිඳු දොසකින් තොර සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදෝස’ වන සේක. 380. සෝ භගවා ඉතිපි අභිනීලනෙත්තෝ:- ඉතා නිල් පැහැති නෙත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිනීලනෙත්ත’ වන සේක. 381. සෝ භගවා ඉතිපි අබ්භුතප්පත්තෝ:- ඉතා පුදුම […]

Read more
Page 19 of 32« First...10...1718192021...30...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: