subscribe
Slider Image

බුදු ගුණ අනන්ත යි ෴ 18

351. සෝ භගවා ඉතිපි අමතාකරෝ:- අමෘත ආකරයක් වැනි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතාකර’ වන සේක. 352. සෝ භගවා ඉතිපි අමමෝ:- මමත්වය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමම’ වන සේක. 353. සෝ භගවා ඉතිපි අමරෝ:- මරණය ජය ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමර’ වන සේක. 354. සෝ භගවා ඉතිපි අමක්ඛෝ:- ගුණමකු බව නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමක්ඛ’ වන සේක. 355. සෝ භගවා ඉතිපි අමච්ඡරී:- මසුරු බව නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමච්ඡරී’ වන සේක. 356. සෝ භගවා ඉතිපි අමායා:- මායා රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමායා’ වන සේක. 357. සෝ භගවා ඉතිපි අමිතයසෝ:- ප්‍රමාණ රහිත යසසක් ඇති හෙයින් ඒ […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 17

බුදු ගුණ අනන්ත යි ෴ 17

326. සෝ භගවා ඉතිපි අජලිතෝ:- කෙළෙස් ගින්නෙන් නොදැල්වෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජලිත’ වන සේක. 327. සෝ භගවා ඉතිපි අජරප්පත්තෝ:- නො දිරන ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජරප්පත්ත’ වන සේක. 328. සෝ භගවා ඉතිපි අජිතඤ්ජයෝ:- නො දිනූ මර යුදය ජය ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජිතඤ්ජය’ වන සේක. 329. සෝ භගවා ඉතිපි අජ්ඣත්තචින්තී:- සිය ආධ්‍යාත්මයට යොමුවූ සිතුවිළි ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජ්ඣත්තචින්තී’ වන සේක. 330. සෝ භගවා ඉතිපි අජ්ඣත්තරතෝ:- සිය ආධ්‍යාත්මයෙහි පිහිටි සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජ්ඣත්තරත’ වන සේක. 331. සෝ භගවා ඉතිපි අබද්ධෝ:- කිසිවකට නොබැඳුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබද්ධ’ වන සේක. […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 16

301. සෝ භගවා ඉතිපි අභිභූ:- මුළු තුන් ලොව ම සදහම් තෙදින් මැඩලන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිභූ’ වන සේක. 302. සෝ භගවා ඉතිපි අභිනිබ්බුතත්තෝ:- වෙසෙසින් නිවී ගිය ජීවිතයක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිනිබ්බුතත්ත’ වන සේක. 303. සෝ භගවා ඉතිපි අභිඤ්ඤාවෝසිතෝ:- විශිෂ්ඨ ඤාණයෙන් නිවන් මග සම්පූර්ණ කළ හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිඤ්ඤාවෝසිත’ වන සේක. 304. සෝ භගවා ඉතිපි අභිධම්මකුසලෝ:- ගම්භීර ධර්මයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිධම්මකුසල’ වන සේක. 305. සෝ භගවා ඉතිපි අභිවිනයකුසලෝ:- ගැඹුරු විනයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිවිනයකුසල’ වන සේක. 306. සෝ භගවා ඉතිපි අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තෝ:- විශේෂ ඤාණයන්ගෙන් යුතු ව බඹසර දිවි ගෙවා පරතෙරට පත් වූ […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 15

බුදු ගුණ අනන්ත යි ෴ 15

276. සෝ භගවා ඉතිපි අවිපරීතදස්සනෝ:- යථා ස්වභාවයෙන් නො වෙනස් වූ දර්ශන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිපරීතදස්සන’ වන සේක. 277. සෝ භගවා ඉතිපි අවිපටිසාරසම්පන්නෝ:- විපිළිසර නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිපටිසාර සම්පන්න’ වන සේක. 278. සෝ භගවා ඉතිපි අවිසංවාදකෝ:- ලොව මුලා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිසංවාදකෝ’ වන සේක. 279. සෝ භගවා ඉතිපි අවිරූළ්හිච්ඡන්දෝ:- කැමැත්ත යළි නො වැඩෙන ලෙස සිඳලූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිරූළ්හිච්ඡන්ද’ වන සේක. 280. සෝ භගවා ඉතිපි අවිකත්ථී:- තමන් හුවා නො දක්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිකත්ථී’ වන සේක. 281. සෝ භගවා ඉතිපි අවිඝාතපක්ඛිකෝ:- දුක් පක්ෂය බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිඝාතපක්ඛික’ වන […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 14

251. සෝ භගවා ඉතිපි අතිදේවෝ:- දෙවියන් ඉක්මවා ගිය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතිදේව’ වන සේක. 252. සෝ භගවා ඉතිපි අතිතුලෝ:- වෙන කිසිවෙකුට ත් තුලනය නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතිතුල’ වන සේක. 253. සෝ භගවා ඉතිපි අත්තාධිපකෝ:- තමන් වහන්සේ අධිපති කොට ගෙන සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තාධිපක’ වන සේක. 254. සෝ භගවා ඉතිපි අත්තඤ්ඤූ:- සිය ගුණ දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තඤ්ඤූ’ වන සේක. 255. සෝ භගවා ඉතිපි අත්ථඤ්ඤූ:- සැබෑ අර්ථය දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථඤ්ඤූ’ වන සේක. 256. සෝ භගවා ඉතිපි අත්තසඤ්ඤතෝ:- සිය ජීවිතය සංවර කර ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තසඤ්ඤත’ වන සේක. 257. සෝ […]

Read more
Page 20 of 32« First...10...1819202122...30...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: