subscribe
Slider Image

බුදු ගුණ අනන්ත යි ෴ 13

බුදු ගුණ අනන්ත යි ෴ 13

226. සෝ භගවා ඉතිපි අධිපඤ්ඤාධම්මවිපස්සකෝ:- විසල් ප්‍රඥාවෙන් සංඛත දහම් විදසුන් වඩනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අධිපඤ්ඤා ධම්ම විපස්සක’ වන සේක. 227. සෝ භගවා ඉතිපි අධිචිත්තමනුයුත්තෝ:- සමථ විපස්සනා භාවනානුයෝගී සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අධිචිත්තමනුයුත්ත’ වන සේක. 228. සෝ භගවා ඉතිපි අධිචේතසෝ:- සාමාන්‍ය ස්වභාවය ඉක්මවා ගිය සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අධිචේතස’ වන සේක. 229. සෝ භගවා ඉතිපි අධිගතපටිසම්භිදා:- විශේෂ විභාග දන්නා නුවණට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අධිගත පටිසම්භිදා’ වන සේක. 230. සෝ භගවා ඉතිපි අසාරද්ධෝ:- කෙළෙස් දාහය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසාරද්ධ’ වන සේක. 231. සෝ භගවා ඉතිපි අචපලෝ:- චපල ගති නැති හෙයින් ඒ […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 12

201. සෝ භගවා ඉතිපි අනුත්තමෝ:- අති උතුම් ගුණ දැරූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුත්තම’ වන සේක. 202. සෝ භගවා ඉතිපි අනුව්‍යඤ්ජනසම්පන්නෝ:- උතුම් අනුව්‍යංජනයන්ගෙන් (ශාරීරික අනුලක්ෂණ) යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුව්‍යඤ්ජනසම්පන්න’ වන සේක. 203. සෝ භගවා ඉතිපි අනූනමනසංකප්පෝ:- කිසිඳු ගුණයකින් ඌන නො වූ සංකල්ප ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූනමනසංකප්ප’ වන සේක. 204. සෝ භගවා ඉතිපි අන්තිමදේහධාරී:- අන්තිම දේහය දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තිමදේහධාරී’ වන සේක. 205. සෝ භගවා ඉතිපි අන්තිමසාරීරෝ:- අන්තිම සිරුරු දරා වැඩ සිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තිමසාරීර’ වන සේක. 206. සෝ භගවා ඉතිපි අන්තගූ:- සසර පරතෙරට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තගූ’ වන සේක. 207. […]

Read more

මැරෙණ ඉපදෙන ලොවක යළිත් නොම සරන්නට..

මැරෙණ ඉපදෙන ලොවක යළිත් නොම සරන්නට..

ජීවිතය නොවේ විඳින්නට හෝ විඳවන්නට මුලාවෙන් නමුදු කරන්නට අවබෝධ ඇති තතු ඇති සැටියෙන් ජරා-මරණ, සෝක-වැළපුම්, දුක්-දොම්නස්, සුසුම් ලීම් ඇතිද ජය ගත් අයෙක්……. දුවමින් පුරාවට පැය 24 පටන් තේරෙන දා හය හතර ලුහුබඳිමින් පුහු කාමයන් මස් වැදලි වන් නොනිම් තරඟයක පැටලී මුලාවෙන් නොමැති ජය කණු මිරිඟු පසු මුව රැලක් වන් නොදකිමින් සසරක දුක, අනියත බියකරු……. ඇතිවූ නිසා හේතුවක් හටගෙන ඇත ඵලයක් පසක් කරමින් ලෝ දහම නැතිවී යයි ඵලය නිරුද්ධ වීමෙන් හේතුව බලන් දෑස් හැර මෑත් කොට මෝහයේ කඩතුරාව ඇතිද මිදුනෙක් දහමින් හේතු-ඵල උපන් නමුදු අත් නොවූ ජරා-මරණ……… තණග දිය බිඳක් වන් ගලා යන දොළක් වන් ජීවිතය සයුර මත පාවෙනා හිම කඳක් […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 11

176. සෝ භගවා ඉතිපි අනුත්තරෝ:- තමන් වහන්සේට වඩා උතුම් අයෙක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුත්තර’ වන සේක. 177. සෝ භගවා ඉතිපි අනුපායාසෝ:- සිත් තැවුල් නැති ජීවිතයක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපායාස’ වන සේක. 178. සෝ භගවා ඉතිපි අනුපාදානෝ:- සියළු උපාදානයන් බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපාදාන’ වන සේක. 179. සෝ භගවා ඉතිපි අනුස්සදෝ:- ඇවිස්සී යන කෙලෙස් කිසිවක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සද’ වන සේක. 180. සෝ භගවා ඉතිපි අනුද්ධතෝ:- නො සන්සුන් භාවය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුද්ධත’ වන සේක. 181. සෝ භගවා ඉතිපි අනුන්නළෝ:- මාන නළ රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුන්නළ’ වන […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 10

බුදු ගුණ අනන්ත යි ෴ 10

151. සෝ භගවා ඉතිපි අනාරම්භවිමුත්තෝ:- ඇරඹීම් වලින් තොර නිවනෙහි මිදුණු සිත් ඇති හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාරම්භවිමුත්ත’ වන සේක. 152. සෝ භගවා ඉතිපි අනාතුරෝ:- කෙළෙසුන්ගෙන් ආතුර නො වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාතුර’ වන සේක. 153. සෝ භගවා ඉතිපි අනාලයප්පත්තෝ:- ආලය ක්ෂය වීම නම් වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාලයප්පත්ත’ වන සේක. 154. සෝ භගවා ඉතිපි අනාලයෝ:- ඇල්ම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාලය’ වන සේක. 155. සෝ භගවා ඉතිපි අනින්දිතෝ:- කරුණු සහිත ව කිසිවෙකුගෙනුත් නින්දා නො ලබන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනින්දිත’ වන සේක. 156. සෝ භගවා ඉතිපි අනිස්සුකී:- ඉරිසියා රහිත හෙයින් ඒ භාග්‍යවතුන් […]

Read more
Page 21 of 32« First...10...1920212223...30...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: