subscribe
Slider Image

විශාඛාවට ලබා දුන් අවවාද

විශාඛාවට ලබා දුන් අවවාද

සිය පියා විශාඛාවට ලබා දුන් අවවාද 01 – අන්තෝ අග්ගි බහි න නීහරිතබ්බෝ – ඇතුළත ගිනි පිටතට ගෙන නො යන්න. තේරුම (- තමන් ගේ ස්වාමියා ගේ අගුණල සිය නිවසේ ගැටලූල ආදිය බාහිර නිවෙස් වල අයට පැවසීමෙන් වළකින්න. 02 – බාහිරතෝ අග්ගි න අන්තෝ පවේසේතබ්බෝ – පිටත ගිනි ඇතුළට නො ගෙනෙන්න. තේරුම (- තමන් ගේ ස්වාමියා ගැන හෝ පවුලේ අය ගැන හෝ බාහිර උදවිය කියන දේවල් අසාගෙන විත් නිවසේ නො කියන්න. 03 – යේ දදන්ති තේසං යේව දාතබ්බං – දෙන අයට ම දෙන්න. තේරුම (- නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා දෙන තැනැත්තෙක් නම්, […]

Read more

මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව

මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව

මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව.. අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා.. අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා.. අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා.. සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා.. අහං විය මය්හං – මා මෙන් ම මාගේ, ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද, මාතා පිතරෝ – මව් පියවරු ද, හිත සත්තා – හිතවත් සත්වයෝ ද, මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද, වේරීසත්තා – වෛරී සත්වයෝ ද, අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා, අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා.. අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා.. සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා.. දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා.. […]

Read more

මරණ සතිය වඩමු – භාවනා වාක්‍ය..

මරණ සතිය වඩමු – භාවනා වාක්‍ය..

කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුල පැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ට පුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේ දේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්. හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්. සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ට පුළුවන්. සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක් අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ මොහොතේම වුනත් මම මැරිල යන්න පුළුවන්. මේ විදිහට මම මැරෙන විට […]

Read more

බුද්ධ ගුණ ගාථාවලී 07

31 සියලු කාම සම්පත් බිඳලූ සේක. ශෝකය බිඳලූ සේක. සංසාර රෝගය බිඳලූ සේක. කෙළෙස් දුහුවිලි බිඳලූ සේක. තණ්හා අවිය බිඳලූ සේක. තණ්හා හුල බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 32. ඒ බුදු රජාණන් වහන්සේ ආශාව බිඳලූ සේක. ඊෂ්‍යාව බිඳලූ සේක. තණ්හාව බිඳලූ සේක. මෝහ ජාලය බිඳලූ සේක. කැමැත්ත බිඳලූ සේක. සංසාර බන්ධනය බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කර කරමි. 33 භාග්‍යවතුන් වහන්සේ වීතරාගී වූ සේක, වීතදෝසී වූ සේක. වීතමෝහී වූ සේක. ආශ්‍රව දුරු කළ සේක. කාමයන් දුරු කළ සේක. ක්‍රෝධය දුරු කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 34 පාපයන් දුරු කළ සේක. […]

Read more

බුද්ධ ගුණ ගාථාවලී 06

26 භාග්‍යවතුන් වහන්සේ දුක් දොම්නස් නැසූ සේක. සෝක වැලපීම් ක්ෂය කළ සේක. ඉපදීම ත් මරණය ත් වසයට යෑම ත් ඉක්මවා ගිය සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 27 ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් පවසන්නේ ද, එය ම සිදු කරන සේක. යථා ස්වභාවය ම පවසන සේක. යමක් සිදු කරන්නේ ද එය ම පවසන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 28 ඒ භාග්‍යවතුන් වහන්සේ රාගය බිඳලූ සේක. ද්වේශය බිඳලූ සේක. මෝහය බිඳලූ සේක. මානය බිඳලූ සේක. මායාවන් බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 29 කාමය බිඳලූ සේක. ක්‍රෝධය බිඳලූ සේක. කෝපය බිඳලූ සේක. කුහකගති බිඳලූ සේක. […]

Read more
Page 29 of 32« First...1020...2728293031...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: