subscribe
Slider Image

ජීවිතය එය කුමක් ද..? (පළමු කොටස)

ජීවිතය එය කුමක් ද..? (පළමු කොටස)

විතය කියා කියන්නේ එදා මෙදා තුර ලෝකයේ ජිවත් වූ බොහෝ දෙනෙකුට කිසිදා නො විසඳුනු ගැටළුවක්, තවත් පැත්තකින් අභිරහසක්. මේ ජීවිත ගැටලුවට විසඳුම් සොයා ගිය මිනිසුන් නොයෙක් දෘෂ්ටි මතවාද සහ සංකල්ප තුළ පැටලුණා. ඒවා තුළ ම ගිලෙමින් ඉප‍දෙන මැරෙන සංසාරයට ම ඇද වැටී මහපොළොවට පස් එකතු කරමින් තෙරක් නොපෙනන ගමනක, ඉතා අවාසනාවන්ත ලෙස ඇවිද යන්නට ඒ අයට සිදු වුණා. අදත් ඒ ගමන එහෙම ම යි. මින් වසර දෙදහස් හයසිය ගණනකට පෙර අප ගේ සිද්ධාර්ථ ගෞතම මහබෝසතාණන් වහන්සේ ත් ජීවිතය තුළ තිබෙන ජාති ජරා මරණ ගැටළුවට විසඳුම් සෙවීම පිණිස, “අනුත්තර වූ ශාන්ත වරපදය” සොයා ගිහි ගෙයින් නික්මී ගියා. උන්වහන්සේ ඒ ආර්ය පර්යේෂණය උදෙසා […]

Read more

පව් කරන හැමෝම දුක් විඳිනවා ද..?

පව් කරන හැමෝම දුක් විඳිනවා ද..?

‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් ඇතැම් කෙනෙක් කියාවි, “අපෝ නැහැ… ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය..” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ පින් පව් වල විපාක නැහැ කියන මිත්‍යා දෘෂ්ටියේ පිහිටල ‍වගේ ම, මේ ජීවිතය ගැන විතරක්  කල්පනා කරල යි. ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප සේ ජීවත්වන බව පෙනෙන සිය දහස් ගණන් පිරිස් නිසා, සමහර උදවිය කර්ම කර්මඵල විශ්වාසයෙන් පවා බැහැර වෙන අවාසනාවන්ත සිදු වීම් ඕනතරම් තිබෙනවා.. “ඔය විපාක ලැබෙනවා කියන එක මොන බොරුවක් ද..? අරගොල්ල අර අපිටත් වැඩිය හොඳට ඉන්නෙ..” ඔවැනි කථා කියන අය අද […]

Read more

ඔබත් පසුතැවෙනවා ද..?

ඔබත් පසුතැවෙනවා ද..?

නමෝ බුද්ධාය..!!! අපි හැමෝම පව් කරලා තියෙනවා.. අඩු වැඩි වශයෙන්. තමන් කරපු කියපු දේවල් පව් නේ ද කියල පවා කෙනෙකුට දැනගන්ට අවස්ථාවක් ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය මුණ ගැසුනට පස්සෙයි.. ඒ විදියට පව මොකක් ද පවේ විපාක මොනවද කියල ධර්මය තුළින් දැනගන්න ලැබුණු කෙනෙකුට ඇතැම් අවස්ථාවල දී පසුතැවිල්ලක් ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේ ම ඇතැම් විට බියකුත්.. මං අතින් මේ මේ පව් වෙලා තිබෙනවා නෙ.. දැන් මට මොන මොන විපාකයක් ලැබේවි ද..? මං මේකෙන් ගැලවෙන්නේ කොහොම ද..?, ඔය විදියට නොයෙක් ගැටලු ඇති වෙන්න ඉඩ තිබෙනවා.. ඉතින් මේ සටහන තැබෙන්නේ, ඒ වගේ ගැටලුවලට යම් සහනයක් ලබා දීමේ අපේක්ෂාවෙන්.. ආනන්තරීය කර්මයන් […]

Read more

වෙසක් සදහම් හසුන..

වෙසක් සදහම් හසුන..

:: :: :: :: :: :: : :: :: :: :: :: ශ්‍රී බුද්ධවර්ෂ 2556 ක් වූ වෙසක් මස පුන්පොහෝ දා, නුවර වැව් කෙම් ඉමේ සිට, නමෝ බුද්ධාය..! සදාසැනසිල්ල වේවායි පතමින් ලියමි, දයාබර යාලුවනේ.. දුර ඈත අහස් ගඟ කෙළවරේ, සුරඟනා දෑඟිලිවලින් දිව්‍ය තත්සර නැංවෙන මේ අපූරු රාත‍්‍රිය වෙනදාටත් වඩා හරි ම සුන්දර යි. රොබරෝසියා මල් වැටුණු නුවර වැව් කොණේ පුංචි බංකුවක මම වාඩි වුණේ පුරුද්දට වගේ… නො දැනුවත්වම. සුදු පාට මීදුමින් පෙඟුණු සීතල සුළං රැළි හිමි හිමිහිට හමා ගෙන යනවා. වැව් දිය මත බබළන දළදා මාළිගාවේ රත්තරන්පාට ඡායාව ඒ සුළං රැළි නිසා වරින් වර බොඳ වෙලා යන්නෙ හරියට ඒ දිහා […]

Read more

මේ ඒ අමා සදහම් විල යි..!

මේ ඒ අමා සදහම් විල යි..!

ධම්මෝ රහදෝ බ්‍රාහ්මණ සීලතිත්ථො අනාවිලෝ සබ්‌භි සතං පසත්‌ථෝ; යත්‌ථ හවේ වේදගුනෝ සිනාතා, අනල්‌ලගත්‌තාව තරන්‌ති පාරං… මේ ධර්මය, සීලය නැමති තොටුපළ තිබෙන නො කැළඹුනු විලක් වගෙයි. සත්පුරුෂයන් වහන්සේලා ඒ සදහම් විලට ප්‍රශංසා කරලයි තිබෙන්නේ. මේ සදහම් විලෙන් ස්නානය කරපු, ආර්ය ඤාණයේ පරතෙරට වැඩි උතුමන් වහන්සේලා තෙත් නොවූ සිරුරු ඇතිව ඒකාන්තයෙන් ම නිවන් පරතෙර වඩිනවා..!!! මේ සුන්දර ගාථා ධර්මය ඇතුළත් වෙලා තිබෙන්නේ, සංයුත්ත නිකායේ සගාථ වර්ගයට යි. ඉතින් මේ අසිරිමත් ගාථාව ගැන දහම් කරුණු ටිකක් ඔබත් සමඟ බෙදා ගන්නට සිතුනා..! අපේ කය අපිරිසිදු වුණා ම අපි කවුරුත් වතුර භාවිතා කරල කය පිරිසිදු කර ගන්නවා. කය නිතර අපිරිසිදු වෙනවා වගේ ම අපේ සිත කියන්නෙත් […]

Read more
Page 3 of 3212345...102030...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: