subscribe
Slider Image

පිදෙමු ද.. මුනිඳු අභියස මලක් වී…!!!

පිදෙමු ද.. මුනිඳු අභියස මලක් වී…!!!

හින්දි දේව කථා සාහිත්‍යයේ ඔය අදහස කැටිවුණු එක්තරා පාටයක් තිබෙනවා. හරියට ම කියනවා නම් මෙහෙම යි. “चम्पा तुझमें तीन गुण – रंग, रूप और बास ; अवगुण तुझमें एक ही कि भंवर न आए पास ….චම්පා, තුජ් මේ තීන් ගුන් – රංග්. රූප්, ඕර් බාස් – අවගුන් තුජ් මේ ඒක් හී කි, භන්වර් න ආඒ පාස්….–“අරලියා, නුඹ තුළ ගුණ තුනක් තිබේ, නුඹ වර්ණවත් ය, සුන්දර ය, සුවඳවත් ය.. එක් නුගුණක් ද නුඹ තුළ වේ… නුඹ වෙත බඹරුන් නො පැමිණෙයි..” දේවකථා සාහිත්‍යයේ අරලියා මල වෙත බඹරුන් නො පැමිණීම අඩුවක් හැටියට දක්වල තිබුණත්, මට නම් හිතුනේ ඒක සුවිශේෂී ගුණයක් කියල යි. අරලියා […]

Read more

ඔබට මෙය වටිනවා ද..?

බට මේ ලෝකෙ තිබෙන වටින ම දේ මොකක් ද..? එහෙමත් නැත්නම් ඔබට සිටින වටින ම කෙනා කවුද..? කියල ඇහුවොත් නොයෙක් උත්තර ලැබේවි.. ඇත්තට ම මේ ලෝකය අපි සත්‍යයක් විදියට ගන්න නිසා ම අපිට මේ ලෝකෙ නොයෙකුත් වටිනා දේවල් තිබෙන බව ඇත්ත යි.. වෙනත් විදියකින් කියනවා නම් අපිට අහන්න දකින්න ලැබෙන දේවල් අපි යථාර්තයක් විදියට ගන්නවා. ඒ නිසා ම අපිට මේ ලෝකයේ තිබෙන දේවල් හරි ම වටිනවා. අත් හැර දාන්න බැරි තරම් වටිනවා. අපි යමකට දෙන වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න, ඒ දේට තිබෙන අපේ කැමැත්ත වැඩි වෙනවා. වැඩියෙන් ම වටිනා දේවල්, අපි ගොඩක් ආදරයෙන් ආරක්ෂා කරගන්නවා. ඒ දේවල් ගැන වැඩියෙන් […]

Read more

සුවඳ වෙන්න කැමති යි ද..?

සුවඳ වෙන්න හැමෝම කැමති යි.. එහෙම නේ ද..? ඒත් මේ කය ගඳයි.. ඒක තමයි ඇත්ත. ඉතින් මේ කය ගඳ හින්ද ම නිතර නාන්න හෝදන්න ඕන. ඒ වගේ ම සුවඳට ඉන්න කැමති අය එක එක සෙන්ට් වර්ග ත් පාවිච්චි කරනවා. ඒවයෙ සුවඳත් ඉතින් වැඩි වෙලාවක් නම් තියෙන්නෙ නැහැ. දාඩිය ගඳත් එක්ක කවලම් වෙලා අමුතුම (දු)ගන්ධයක් හමන්න ගන්නවා.. කොහොම වුණත්, ඔබ දන්නව ද, ඇත්තට ම මේ ශරීරයෙන් සුවඳ හමන අය මේ ලෝකෙ හිටියා. විස්වාස කළත් නැතත් මේ කියන්නේ ඒ වගේ උත්තමයෙක් ගැන. සුවඳවත් සිරුරක් ඇති ව ඉපදුනු නිසා ම මේ පින්වන්තයාට නම තිබ්බේ සුගන්ධ කියල. පසුකාලෙක පැවිදි ජීවිතට පත් වුණ උන්වහන්සේ තමන් […]

Read more

අල්ලන විට ඈත්ව​න – අත්හරින විට ළංව​න – සැනසිල්ල….

අල්ලන විට ඈත්ව​න – අත්හරින විට ළංව​න – සැනසිල්ල….

විමුක්තිය, නිදහස්වීම, එහෙමත් නැත්නම් සැනසීම, සතුට කියන්නෙ මහ පුදුමාකාර ධර්මතාවයක්. හැමෝම වගේ සැනසීමට කැමතියි. ඒත් කැමති වෙන පළියට ඒ දේ ලැබෙන්නෙ නැත්තෙ ඇයි…? ගොඩක් හේතු තියෙනවා…. විමුක්තිය එහෙමත් නැත්නම් සැනසුම ගැන කියන මේ දේවල් ඇතැම් විට ඔබට ප්‍රයෝජනවත් වේවි. ↓↓↓ ඉතින් ඒ නිසා සදා සැනසිල්ල ලබා ගන්න නම්, හැම දෙයක් ම අත්හරින්න. අන් අයගේ සතුට දැකල සතුටු වෙන්න. අන් අය ගේ සැනසුමට කැමති වෙලා ඒ පිණිස කටයුතු කරන්න. අන් අයගෙ සතුට සැනසුම වෙනුවෙන්, තමන්ගෙ දේවල් කැපකරන්න. එතකොට සදා සැනසුම ඔබව අත් නො හැර පවතීවි. එය එසේ ම වේවා..!!! සදා සැනසිල්ල වේවා !!!

Read more

ඇයි ඔයා ඔච්චර ලස්සන..?

ඇයි ඔයා ඔච්චර ලස්සන..?

පි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි… දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්‍රසාදයක් ඇති වෙන්නෙ නැහැ. කොහොම නමුත් ලස්සන-අවලස්සන කියන මේ සාපේක්ෂ ධර්මතාවයන් නිසා කෙලෙස් සහිත ලෝකයා අධිමානයත් හීන මානයත් කියන අකුසල ධර්මතාවයන් දෙක උපදවා ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය.. අපි ලස්සන කෙනෙකුගෙන් ඇහුවොත් “ඇයි ඔබ ඔය තරම් ලස්සන…? “ කියල, ඒකට විවිධ පිළිතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. සමහර අය කියාවි “I’m gifted..“ කියල. තවත් සමහර අය විවිධ රූපලාවන්‍ය විධි ක්‍රම ගැන කථා කරාවි. සමහර අය තමන් ගේ දෙමව්පියන් ගැන කථා කරාවි. නමුත් ඒ […]

Read more
Page 5 of 32« First...34567...102030...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: