subscribe
Slider Image

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 03

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 03

තතිය බෝධි සූත්‍රය (තුන්වැනි බෝධි සූත්‍රය) ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බෝධියට පත් වී පළමුවෙන් ම උරුවෙල් ජනපදයේ නේරංජරා ගං තීරයෙහි බෝධි වෘක්ෂ මූලයේ වැඩ වසන සේක. ඒ සමයේ භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුවය විඳිමින් එක ම පළඟින් දවස් හතක් වැඩ සිටි සේක. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඉක්මගිය පසු, ඒ සමාධියෙන් නැගී සිට රාත්‍රියේ පස්චිම යාමයේ පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කළ සේක. “මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි, මෙය ඉපදීමෙන් මෙය උපදියි, මෙය නැති කල්හි මෙය නොවෙයි, මෙය නිරුද්ධ වීමෙන් මෙය […]

Read more

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 02

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 02

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! දුතිය බෝධි සූත්‍රය (දෙවැනි බෝධි සූත්‍රය) මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බෝධියට පත් වී පළමුවෙන් ම උරුවෙල් ජනපදයේ නේරංජරා ගං තීරයෙහි බෝධි වෘක්ෂ මූලයේ වැඩ වසන සේක. ඒ සමයේ භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුවය විඳිමින් එක ම පළඟින් දවස් හතක් වැඩ සිටි සේක. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඉක්මගිය පසු, ඒ සමාධියෙන් නැගී සිට රාත්‍රියේ මධ්‍යම යාමයේ පටිච්චසමුප්පාදය ප්‍රතිලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කළ සේක. “මෙසේ මෙය නැති කල්හි මෙය නොවෙයි, මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි, එනම් අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරුද්ධ වෙයි. සංස්කාර නිරෝධයෙන් […]

Read more

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 01

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 01

♦ මහාකාරුණිකං නාථං, ඤෙය්‍යසාගරපාරගුං; වන්‌දේ නිපුණගම්‌භීර-විචිත්‍රනයදේසනං. දතයුතු සියලු ධර්ම නැමති සාගරයෙහි පරතෙරට පැමිණි, විචිත්‍ර වූ දේශනා ක්‍රම සහ සියුම් ගැඹුරු නුවණ ඇති, සියලු සතුන්ට පිහිටවන මහා කාරුණික වූ බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි. ♦ විජ්‌ජාචරණසම්‌පන්‌නා, යේන නීයන්‌ති ලෝකතෝ; වන්‌දේ තමුත්‌තමං ධම්‌මං, සම්‌මාසම්‌බුද්‌ධපූජිතං. විජ්ජාචරණ සම්පන්න වූ ලෝකනාථයන් වහන්සේලා විසින්, යම් ධර්මයකින් සත්වයාව සංසාරය නැමති ලෝකයෙන් නිවන වෙන පමුණුවයි ද, සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් පුදන ලද ඒ උතුම් ධර්මයට නමස්කාර කරමි. ♦ සීලාදිගුණසම්‌පන්‌නෝ, ඨිතෝ මග්‌ගඵලේසු යෝ; වන්‌දේ අරියසඞ්‌ඝං තං, පුඤ්‌ඤක්‌ඛෙත්‌තං අනුත්‌තරං. සීලාදී ගුණයන්ගෙන් යුක්ත වූ මාර්ගඵල සම්පත් ලැබූ යම් සංඝ රත්නයක් වේ නම් අතිශයින් ම උතුම් පින් කෙත වූ ඒ ආර්ය […]

Read more

දෙසිය වසරක්‌ පුරා බුදු සසුන එකළු කළ ශ්‍රී කල්‍යාණිවංශය

දෙසිය වසරක්‌ පුරා බුදු සසුන එකළු කළ ශ්‍රී කල්‍යාණිවංශය

බොහෝ දෙවි මිනිසුන්ට හිත සුව පිණිස පහළ වූයේ සම්බුද්ධ ශාසනයයි. සිල් සුරකිනු කැමැත්තහුද, දැහැන් වඩනු කැමැත්තහුද, නුවණ වඩනු කැමැත්තහුද මෙම සසුනෙන් ඵල නෙලූහ. ‚ණාසව මිහිඳු මාහිමියන් වහන්සේ එම උදාර ශාසනය ලක්‌දිව් වැස්‌සන්ටද දායාද කළහ. පරසතුරු උවදුරින් හා කලින් කල හටගත් අනේක උපද්‍රව හේතුවෙන් බුදුසසුනෙහි ප්‍රතිපත්ති ශාසනය මිලිනව නොගියේ නොවෙයි. එහෙත් රාජරාජ මහාමාත්‍යාදීන්ගේ හා නිස්‌සරණධ්‍යාශයෙන් යුතු සංඝනේතෘන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යය නිසා වරින් වර බුදු සසුන උද්දීප්තියට පත්වූහ. මින් වසර දෙසිය හැට ගණනකට පෙර පැවැති අනුපසම්පන්න වූ ගණින්නාන්සේලාගේ යුගය පසුකොට යළිත් උපසම්පන්න භික්‍ෂූන්ගේ යුගයක්‌ ආරම්භ විය. එයට හේතුව වූයේ සරණංකර සාමණේරයන් වහන්සේගේ අප්‍රතිහත උද්යෝගයෙන් හා කීර්ති ශ්‍රී රාජසිංහ නරපතිඳුන්ගේ අනුග්‍රහයෙන් නැවත උපාලිවංශික […]

Read more

හිතවත​…

හිතවත…., අපි මත්වී සිටින බව අපි නොදන්නෙමු. මත්වීම අපේ ජීවිතයට සාපයක් වී ඇති බව අපි නොදන්නෙමු. එනිසා අපට අපගේ ජීවිතයේ සැබෑ අරුත හඳුනා ගන්නට නොහැකිව ප්‍රමාද වී සිටින්නෙමු. හිතවත, රෝහලක ඇඳක් අප වෙනුවෙන් සුදානම් කරලයි තියෙන්නේ. පැත්තක සේලයින්, පැත්තක ඔක්සිජන්, පැත්තක නාසයට දමා බට….. දිනෙන් දින මොහොතින් මොහොත නොනැවතී අප ගමන් කරමින් සිටින්නේ ඒ ඇඳ වෙතටයි. ඒකාන්තයෙන්ම අප දරුණු ලෙස රෝගාතුර වන දිනයක් ලඟ එනවා. නමුත් ආරෝග්‍ය මදයෙන් මත්වී සිටින අපට ඒක වැටහෙන්නේ නෑ. හිතවත, තව නොබෝ දිනකින් අප හැරමිටියේ වාරුවෙන් ඇවිදින, දරුවන්ගේ උපකාරයෙන් කන-බොන, වැසිකිලි-කැසිකිලි කරන්නට ඔසවාගෙන යන මහල්ලන් බවට පත් වෙනවා. දිනෙන් දින මොහොතින් මොහොත නොනැවතී අප ගමන් […]

Read more
Page 9 of 32« First...7891011...2030...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: