subscribe

පිය උරුමය තුළ වාසය කරමු.

පිය උරුමය තුළ වාසය කරමු.

උතුම් ගෞතම බුදු සසුනේ පහස ලබන පින්වත් මිතුරනේ,

අපි හැමෝම මව්-පිය දෙපලකට දාව මෙලොව දුටු පිනැත්තන්…පිනැත්තියන්. අපි හැමෝටම තියෙනව ඒ මව් පියන්ගෙන් උරුම වූ විවිධාකාර දේවල්. අප තුළ මෙන්ම බාහිරව…. රූපය, කටහඬ, වර්ණය ආදිය අප තුළත්, ගේ-දොර, වතු-පිටි, හරක-බාන ආදිය බාහිරවත්. කරුමක්කාර මාරාන්තික ලෙඩ රෝගත් අපට උරුමයෙන් ලැබිය හැකි බව අමතක නොකළ යුතුයි. මේ හැමටම වඩා අප අමතක නොකළ යුතු කාරණාවක් තියෙනව මේ උරුමයන් ගැන….. ඒ තමයි බාහිර වේවා…. අභ්‍යන්තර වේවා…. මේ සියළුම දේවල් නැසී වැනසී යන ස්වභාවයට අයත් බව….. ඔබේ මගේ වසඟයේ පවත්වන්න බැරි බව. ඒ කිව්වේ, මේ දේ මෙසේ වේවා… මේ දේ මෙසේ නොවේවා…. කියල අපට සිතැඟි පරිදි මේ දේවල් පැවැත්වීමට ඇති නොහැකියාව. ජීවිත මදයෙන්, තරුණ මදයෙන්, ආරෝග්‍ය මදයෙන් මුලා වෙච්ච හුඟ දෙනාට අමතක වෙන, ඇතැම්විට නොවැටහෙන කාරණාවක් තමයි ඕක.

අපට වගේම මේ තිරිසන් ලෝකයේ සත්වයින්ටත් මව්-පිය පාර්ශව වලින්, කුලයෙන් ලැබෙන උරුමයන් තියෙනව. ඔවුන්ගේ ජීවිත පැවැත්ම, ආරක්ෂාව ආදී සියළු දේවල් වලට. උතුම් බුද්ධ දේශනාවල සඳහන් වන එවැනි පුංචි කතාවකින්ම අපි අපේ මාතෘකාවට බහිමු….. ඔන්න දවසක් පුංචි අහිංසක කැටකිරිල්ලියක් බොහොම නිදහසේ සැහැල්ලුවෙන් ආකාසෙ සැරිසරමින් හිටිය. මේ දුටු ගිජුළිහිණියකුගේ හිතේ ඇතිවෙන අදහස අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඉතින් ඒ දේ ඒ විදියටම සිද්ධ වුනා. ගිජුළිහිණියා විසින් ඩැහැගත්තු මේ කැටකිරිල්ල මර ලතෝනි දෙමින් මෙන්න මෙහෙම කතාවකුත් කියනව…..

“අනේ….! මගේ පිය උරුමය තුළ ආරක්ෂිත වෙලා ඉන්නෙ නැතුව හිතුමනාපෙ ඉගිලුන නිසානෙ මාව උඹට අහුවුනේ… පිය උරුමය ඇතුළෙ හිටියනම් කවදාවත් ම උඹට මාව අල්ල ගන්න ලැබෙන්නෙ නැහැ…..”

දෙහි ගෙඩි දෙකක් තරම් වත් නැති මේ කැටකිරිල්ලිගෙ ගාම්භීර ප්‍රකාශෙට මාන්නක්කාර ගිජුළිහිණියාව ටිකක් විතර හෙල්ලිලා ගියා. අතට ගත්ත බත කටට දාගන්න පින නැති වූ කෑදර ගිජුළිහිණියා මෙහෙම කියපි….

“හොඳයි, මම උඹව අතහරිනව. උඹ පුළුවන් තැනක ගිහින් හැංගියන්. බලාපන් මම උඹව අල්ලගන්නෙ නැද්ද කියල.
මිටින් හළ කුරුල්ලකුගේ ස්වභාවයත් අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැනෙ. ක්ෂණයකින් කැටකිරිල්ල ගිහිල්ල නැවතුනේ කුඹුරේ කපාපු පස් පිඬැල්ල උඩ. එතන හිටගෙන බොහොම උදාර ලීලාවෙන් මෙහෙම කියනවා….

“ඒයි ගිජුළිහිණියෝ….. දැන් උඹ පුළුවන්නම් මාව අල්ලගනින්…. “

මෙහෙම කියපු කැටකිරිල්ලිය මොහොතින් පස් පිඬැල්ල යට හැංගුනා…. ඒ තමයි එයාගේ පිය උරුමයෙන් ලද ආරක්ෂාව. ඒ වනවිටත් ගිජුළිහිණියා හීයක වේගයෙන් එනව පස්පිඬැල්ල කරා. නමුත් කැටකිරිල්ල යට හැංගිලා. අවාසනාවන්ත මාන්නක්කාර ගිජුළිහිණියා ආපු වේගෙට පස් පිඬැල්ලේ බඳ ගැටිල එතනම අවසන් ගමන් යනව. ඒ විදියට තමයි තිරිසනකු වුන කැටකිරිල්ලිය තම පිය උරුමය තුළ ආරක්ෂා වුනේ.

පින්වත් මිතුරනේ, අපිත් අමා මෑණි ගෞතම බුදු පියාණන්ගේ ළය මඬලින් උපන් ශ්‍රාවක දරුවන්. අපටත් තියෙනව මහා උත්තම පිය උරුමයක්. සසර පුරාවටම අපට ආරක්ෂාව ලබා දෙන, අපව සුවපත් කරවන පරම ගාම්භීර වූ සුන්දර දායාදයක්. ඒ තමයි සතර සතිපට්ඨානය…..

මොකක්ද මේ සතර සතිපට්ඨානය…… මේ ලස්සනට කාල ඇඳල ඉන්න අපට කොහේ තියෙන අනතුරක් ද……. කාගෙන් නම් ආරක්ෂා වෙන්න ද? ඔවැනි ප්‍රශ්නත් ඔලුවට එන අය නැතුවා නෙවෙයිනෙ. පංච උපාදානස්කන්ධයක් සහිතව මෙලොව උපදින සත්වයා පවත්වන ජීවිතය තුළ සිදු කරන කර්ම හේතුවෙන් අනන්ත වර සතර අපායෙහි වැටෙමින්, සුගති දුගති වල සැරිසරමින් යන මේ භයංකර සංසාරය ඒ මහා උත්තමයාණන් වහන්සේ උතුම් බුද්ධ ඥාණයෙන් දුටුවා. අප හට කරුණාවෙන්ම කරුණු පැහැදිළි කොට වදාළා. මෙයයි කුසලය – මෙයයි අකුසලය කියල වෙන් වෙන් වශයෙන් පහදා දුන්නා. කුසල් කලොත් සැප විපාකත්, අකුසල් කලොත් දුක් විපාකත් ලැබෙන ඒ පරම සත්‍ය වූ ලෝ දහම ලෝ සතට විවර කළා. දුකින් පෙළෙන සත්වයාට දුක කෙළවර කිරීමේ මාර්ගය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පෙන්වා දුන්නා. ඒ මාර්ගයේ ගමන් කළ යුතු ආකාරය පෙන්වා දුන්නා. සතර සතිපට්ඨානය කියන්නේ ඒ ආර්ය වූ දුක් නසන වැඩපිළිවෙලේ අනිවාර්ය අංගයක්. සැප විපාක ලබා දෙන්නක්. ප්‍රඥාව දියුණු කරන්නක්. භාවනා මනසිකාරයක්. දුකින් පෙළෙන සත්වයා උතුම් වූ නිවනට පමුණුවන්නක්.

උතුම් බුද්ධ දේශනාවේ සතිපට්ඨානය ප්‍රධාන වශයෙන් ආකාර හතරකින් විස්තර වෙනවා. ඒ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනා වශයෙන්. කයේ ස්වභාවය, කය පවත්වන ඉරියව්, දැනෙන වේදනා, විඳීම, සිත හැසිරෙන ස්වභාවය හා සිතට දැනෙන අරමුණු තුළ මනාව සිහිය පිහිටුවා, කුසලය-අකුසලය මැනවින් හැඳිනගෙන කෙලෙස් තවන වීර්යයෙන් යුතුව සිත හසුරුවා දමනය කිරීමයි මෙහිදී මූලිකව සිද්ධ වෙන්නේ.

මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සියළු කරුණු අප කෙරෙහි අනුකම්පාවෙන් එකිනෙක ගෙනහැර දක්වමින් වදාරණු ලැබුවා. ඒ වගේම පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද ලොකු ස්වාමීන්වහන්සේ විසින් රචිත ‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ හා ‘සිතට සුව දෙන භාවනා’ යන කෘතීන් වලත් සතර සතිපට්ඨානය ගැන දීර්ඝ ලෙස විස්තර වෙනවා.

සතර අපායේ වැටෙමින් යන අතිශය බියකරු වූත්, අවදානම් වූත් මේ සංසාර සාගරය මැද සදා රැකවරණය ඇති ආරක්ෂිත දූපතකට අපව රැගෙන යන්නට මේ සතර සතිපට්ඨානයට පුළුවනි. කෙළෙස් තවන වීරියෙන් සතර සතිපට්ඨානය තුළ හැසිරෙන කෙනා ඒ දුර්ලභ ජය ලබනවා. මොකද ඒ කෙනා සෑම විටම මනා සිහියෙන්මයි ඉන්නේ. ශාන්ත වූ ඉඳුරන්ම යි පවත්වන්නේ. යතාර්ථයම යි දකින්නේ. නිවන අරමුණු කොට ගත්, නිවනට යොමු වූ සිතක් මයි පවත්වන්නේ. ඒක හරියට මේ වගේ….. කොළඹ ඉඳල ගාල්ලට යන්න හිතාගෙන හොඳ සිහියෙන් යුතුව වාහනය පදවන කෙනා යාපනයේ ගිහින් නතර වෙන්න හේතුවක් නැහැනෙ. එයාට අතරමඟ දී බාධා ඇතිවෙන්න පුළුවනි. නමුත් එයා දන්නවා එයා යන්න ඕන කොහෙටද කියල. ඒ නිසා බාධා මැඩගෙන ගාල්ලටම යනව.

ඉතින් සුපින්වත් මිතුරනේ මේ ජීවිත වල තියෙන තාවකාලික බව, කෙටි බව, අනිත්‍ය බව වගේම මේ දුක්ඛිත සංසාරෙ තියෙන බියකරු බව දෑසින් දකින, නිතියෙන් අත් විඳින අසරණ සත්වයන් හැටියට ප්‍රමාදී වීමට නම් කිසිම හේතුවක් අපට නොතිබිය යුතුයි. නමුත් ඊට පෙර සසරේ සැබෑ බිය අපි ඒ ආකාරයෙන්ම තේරුම් ගත යුතුයි. වඩාත්ම වැදගත් වන්නේ එයයි. ඒ බිය දැනගෙන, අනතුර හැඳිනගෙන ඉන් අත්මිදීමට වෙර දැරීමයි නුවණැති පුද්ගලයකු විසින් සිදු කරනු ලබන්නේ. ඒ අනතුරින් බේරී, මිදී සිටීමට අපට ඇති එකම පිහිට පිය උරුමයෙන් ලද දායදය ම පමණයි. කෲර ගිජුළිහිණියාගෙන් මිදුන නුවණැති කැටකිරිල්ලිය වගේ අපිත් සම්මා සම්බුදු ගෞතම මුනිඳුන්ගේ ශ්‍රාවක දරුවන් ලෙස පිය උරුමය තුළ ම වාසය කරමින් සේනා සහිත පවිටු ‘_ _ _’ ගේ සංසාර තොණ්ඩුවෙන් මිදී ඒ අමා නිවන් දුටු රහතුන් ගත් මඟ ගනිමු. හෙට නොවේ….. අදම….. මේ දැන් ම…… නොදත් හෙයින් අපි මැරෙන මොහොත.

උතුම් ගෞතම බුදු සසුනේ පහස ලබන පින්වත් මිතුරනේ,

අපි හැමෝම මව්-පිය දෙපලකට දාව මෙලොව දුටු පිනැත්තන්…පිනැත්තියන්. අපි හැමෝටම තියෙනව ඒ මව් පියන්ගෙන් උරුම වූ විවිධාකාර දේවල්. අප තුළ මෙන්ම බාහිරව…. රූපය, කටහඬ, වර්ණය ආදිය අප තුළත්, ගේ-දොර, වතු-පිටි, හරක-බාන ආදිය බාහිරවත්. කරුමක්කාර මාරාන්තික ලෙඩ රෝගත් අපට උරුමයෙන් ලැබිය හැකි බව අමතක නොකළ යුතුයි. මේ හැමටම වඩා අප අමතක නොකළ යුතු කාරණාවක් තියෙනව මේ උරුමයන් ගැන….. ඒ තමයි බාහිර වේවා…. අභ්‍යන්තර වේවා…. මේ සියළුම දේවල් නැසී වැනසී යන ස්වභාවයට අයත් බව….. ඔබේ මගේ වසඟයේ පවත්වන්න බැරි බව. ඒ කිව්වේ, මේ දේ මෙසේ වේවා… මේ දේ මෙසේ නොවේවා…. කියල අපට සිතැඟි පරිදි මේ දේවල් පැවැත්වීමට ඇති නොහැකියාව. ජීවිත මදයෙන්, තරුණ මදයෙන්, ආරෝග්‍ය මදයෙන් මුලා වෙච්ච හුඟ දෙනාට අමතක වෙන, ඇතැම්විට නොවැටහෙන කාරණාවක් තමයි ඕක.

අපට වගේම මේ තිරිසන් ලෝකයේ සත්වයින්ටත් මව්-පිය පාර්ශව වලින්, කුලයෙන් ලැබෙන උරුමයන් තියෙනව. ඔවුන්ගේ ජීවිත පැවැත්ම, ආරක්ෂාව ආදී සියළු දේවල් වලට. උතුම් බුද්ධ දේශනාවල සඳහන් වන එවැනි පුංචි කතාවකින්ම අපි අපේ මාතෘකාවට බහිමු….. ඔන්න දවසක් පුංචි අහිංසක කැටකිරිල්ලියක් බොහොම නිදහසේ සැහැල්ලුවෙන් ආකාසෙ සැරිසරමින් හිටිය. මේ දුටු ගිජුළිහිණියකුගේ හිතේ ඇතිවෙන අදහස අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඉතින් ඒ දේ ඒ විදියටම සිද්ධ වුනා. ගිජුළිහිණියා විසින් ඩැහැගත්තු මේ කැටකිරිල්ල මර ලතෝනි දෙමින් මෙන්න මෙහෙම කතාවකුත් කියනව…..

“අනේ….! මගේ පිය උරුමය තුළ ආරක්ෂිත වෙලා ඉන්නෙ නැතුව හිතුමනාපෙ ඉගිලුන නිසානෙ මාව උඹට අහුවුනේ… පිය උරුමය ඇතුළෙ හිටියනම් කවදාවත් ම උඹට මාව අල්ල ගන්න ලැබෙන්නෙ නැහැ…..”

දෙහි ගෙඩි දෙකක් තරම් වත් නැති මේ කැටකිරිල්ලිගෙ ගාම්භීර ප්‍රකාශෙට මාන්නක්කාර ගිජුළිහිණියාව ටිකක් විතර හෙල්ලිලා ගියා. අතට ගත්ත බත කටට දාගන්න පින නැති වූ කෑදර ගිජුළිහිණියා මෙහෙම කියපි….

“හොඳයි, මම උඹව අතහරිනව. උඹ පුළුවන් තැනක ගිහින් හැංගියන්. බලාපන් මම උඹව අල්ලගන්නෙ නැද්ද කියල.
මිටින් හළ කුරුල්ලකුගේ ස්වභාවයත් අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැනෙ. ක්ෂණයකින් කැටකිරිල්ල ගිහිල්ල නැවතුනේ කුඹුරේ කපාපු පස් පිඬැල්ල උඩ. එතන හිටගෙන බොහොම උදාර ලීලාවෙන් මෙහෙම කියනවා….

“ඒයි ගිජුළිහිණියෝ….. දැන් උඹ පුළුවන්නම් මාව අල්ලගනින්…. “

මෙහෙම කියපු කැටකිරිල්ලිය මොහොතින් පස් පිඬැල්ල යට හැංගුනා…. ඒ තමයි එයාගේ පිය උරුමයෙන් ලද ආරක්ෂාව. ඒ වනවිටත් ගිජුළිහිණියා හීයක වේගයෙන් එනව පස්පිඬැල්ල කරා. නමුත් කැටකිරිල්ල යට හැංගිලා. අවාසනාවන්ත මාන්නක්කාර ගිජුළිහිණියා ආපු වේගෙට පස් පිඬැල්ලේ බඳ ගැටිල එතනම අවසන් ගමන් යනව. ඒ විදියට තමයි තිරිසනකු වුන කැටකිරිල්ලිය තම පිය උරුමය තුළ ආරක්ෂා වුනේ.

පින්වත් මිතුරනේ, අපිත් අමා මෑණි ගෞතම බුදු පියාණන්ගේ ළය මඬලින් උපන් ශ්‍රාවක දරුවන්. අපටත් තියෙනව මහා උත්තම පිය උරුමයක්. සසර පුරාවටම අපට ආරක්ෂාව ලබා දෙන, අපව සුවපත් කරවන පරම ගාම්භීර වූ සුන්දර දායාදයක්. ඒ තමයි සතර සතිපට්ඨානය…..

මොකක්ද මේ සතර සතිපට්ඨානය…… මේ ලස්සනට කාල ඇඳල ඉන්න අපට කොහේ තියෙන අනතුරක් ද……. කාගෙන් නම් ආරක්ෂා වෙන්න ද? ඔවැනි ප්‍රශ්නත් ඔලුවට එන අය නැතුවා නෙවෙයිනෙ. පංච උපාදානස්කන්ධයක් සහිතව මෙලොව උපදින සත්වයා පවත්වන ජීවිතය තුළ සිදු කරන කර්ම හේතුවෙන් අනන්ත වර සතර අපායෙහි වැටෙමින්, සුගති දුගති වල සැරිසරමින් යන මේ භයංකර සංසාරය ඒ මහා උත්තමයාණන් වහන්සේ උතුම් බුද්ධ ඥාණයෙන් දුටුවා. අප හට කරුණාවෙන්ම කරුණු පැහැදිළි කොට වදාළා. මෙයයි කුසලය – මෙයයි අකුසලය කියල වෙන් වෙන් වශයෙන් පහදා දුන්නා. කුසල් කලොත් සැප විපාකත්, අකුසල් කලොත් දුක් විපාකත් ලැබෙන ඒ පරම සත්‍ය වූ ලෝ දහම ලෝ සතට විවර කළා. දුකින් පෙළෙන සත්වයාට දුක කෙළවර කිරීමේ මාර්ගය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පෙන්වා දුන්නා. ඒ මාර්ගයේ ගමන් කළ යුතු ආකාරය පෙන්වා දුන්නා. සතර සතිපට්ඨානය කියන්නේ ඒ ආර්ය වූ දුක් නසන වැඩපිළිවෙලේ අනිවාර්ය අංගයක්. සැප විපාක ලබා දෙන්නක්. ප්‍රඥාව දියුණු කරන්නක්. භාවනා මනසිකාරයක්. දුකින් පෙළෙන සත්වයා උතුම් වූ නිවනට පමුණුවන්නක්.

උතුම් බුද්ධ දේශනාවේ සතිපට්ඨානය ප්‍රධාන වශයෙන් ආකාර හතරකින් විස්තර වෙනවා. ඒ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනා වශයෙන්. කයේ ස්වභාවය, කය පවත්වන ඉරියව්, දැනෙන වේදනා, විඳීම, සිත හැසිරෙන ස්වභාවය හා සිතට දැනෙන අරමුණු තුළ මනාව සිහිය පිහිටුවා, කුසලය-අකුසලය මැනවින් හැඳිනගෙන කෙලෙස් තවන වීර්යයෙන් යුතුව සිත හසුරුවා දමනය කිරීමයි මෙහිදී මූලිකව සිද්ධ වෙන්නේ.

මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සියළු කරුණු අප කෙරෙහි අනුකම්පාවෙන් එකිනෙක ගෙනහැර දක්වමින් වදාරණු ලැබුවා. ඒ වගේම පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද ලොකු ස්වාමීන්වහන්සේ විසින් රචිත ‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ හා ‘සිතට සුව දෙන භාවනා’ යන කෘතීන් වලත් සතර සතිපට්ඨානය ගැන දීර්ඝ ලෙස විස්තර වෙනවා.

සතර අපායේ වැටෙමින් යන අතිශය බියකරු වූත්, අවදානම් වූත් මේ සංසාර සාගරය මැද සදා රැකවරණය ඇති ආරක්ෂිත දූපතකට අපව රැගෙන යන්නට මේ සතර සතිපට්ඨානයට පුළුවනි. කෙළෙස් තවන වීරියෙන් සතර සතිපට්ඨානය තුළ හැසිරෙන කෙනා ඒ දුර්ලභ ජය ලබනවා. මොකද ඒ කෙනා සෑම විටම මනා සිහියෙන්මයි ඉන්නේ. ශාන්ත වූ ඉඳුරන්ම යි පවත්වන්නේ. යතාර්ථයම යි දකින්නේ. නිවන අරමුණු කොට ගත්, නිවනට යොමු වූ සිතක් මයි පවත්වන්නේ. ඒක හරියට මේ වගේ….. කොළඹ ඉඳල ගාල්ලට යන්න හිතාගෙන හොඳ සිහියෙන් යුතුව වාහනය පදවන කෙනා යාපනයේ ගිහින් නතර වෙන්න හේතුවක් නැහැනෙ. එයාට අතරමඟ දී බාධා ඇතිවෙන්න පුළුවනි. නමුත් එයා දන්නවා එයා යන්න ඕන කොහෙටද කියල. ඒ නිසා බාධා මැඩගෙන ගාල්ලටම යනව.

ඉතින් සුපින්වත් මිතුරනේ මේ ජීවිත වල තියෙන තාවකාලික බව, කෙටි බව, අනිත්‍ය බව වගේම මේ දුක්ඛිත සංසාරෙ තියෙන බියකරු බව දෑසින් දකින, නිතියෙන් අත් විඳින අසරණ සත්වයන් හැටියට ප්‍රමාදී වීමට නම් කිසිම හේතුවක් අපට නොතිබිය යුතුයි. නමුත් ඊට පෙර සසරේ සැබෑ බිය අපි ඒ ආකාරයෙන්ම තේරුම් ගත යුතුයි. වඩාත්ම වැදගත් වන්නේ එයයි. ඒ බිය දැනගෙන, අනතුර හැඳිනගෙන ඉන් අත්මිදීමට වෙර දැරීමයි නුවණැති පුද්ගලයකු විසින් සිදු කරනු ලබන්නේ. ඒ අනතුරින් බේරී, මිදී සිටීමට අපට ඇති එකම පිහිට පිය උරුමයෙන් ලද දායදය ම පමණයි. කෲර ගිජුළිහිණියාගෙන් මිදුන නුවණැති කැටකිරිල්ලිය වගේ අපිත් සම්මා සම්බුදු ගෞතම මුනිඳුන්ගේ ශ්‍රාවක දරුවන් ලෙස පිය උරුමය තුළ ම වාසය කරමින් සේනා සහිත පවිටු ‘_ _ _’ ගේ සංසාර තොණ්ඩුවෙන් මිදී ඒ අමා නිවන් දුටු රහතුන් ගත් මඟ ගනිමු.

හෙට නොවේ….. අදම….. මේ දැන් ම…… නොදත් හෙයින් අපි මැරෙන මොහොත.උතුම් ගෞතම බුදු සසුනේ පහස ලබන පින්වත් මිතුරනේ,

හෙට නොවේ….. අදම….. මේ දැන් ම…… නොදත් හෙයින් අපි මැරෙන මොහොත.

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: