subscribe

සදා සැනසිල්ල වේවා..!!!

සදා සැනසිල්ල වේවා..!!!

ජී විතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ට කොච්චර සැප සම්පත් තිබ්බත්, කොච්චර බල තල තිබ්බත්, කොච්චර දැන උගත්කම් තිබ්බත්, ඒ හැම කෙනෙක් ම ඒ දේවල් වලින් සෑහීමකට පත් වෙන්නෙ නෑ. තව තවත් මොන මොනවා ම හරි හොයනවා. තව තවත් මොන මොනවාට හෝ ආශා කරනවා. මේ හිත තණ්හාවට දාස වෙලා තිබෙන්නේ කියල බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි.

කොතරම් ඉහළට ඉගෙන ගත්ත උනත් සමාජයේ මොන මොන තැන්වල කටයුතු කළා උනත් ඒ හැම ජීවිතයකට ම අවසානයේ දීඅත් වෙන්නේ එක ම එක ඉරණම යි. ඒ හැම කෙනෙක්ට ම වසයට යන්න වෙනවා. ලෙඩ වෙන්න වෙනවා. මරණයට පත් වෙන්න වෙනවා. තමන් සමාජයේ කොතරම් උසස් තැනක් හෙබවුවත් ඒ දේවල් උපයෝගීකරගෙන ඒ ඉරණමෙන් ගැලවෙන්න කාටවත් බෑ. ඒ නිසා ම ධර්මය තුළින් හිත සකස් කරගත්ත කෙනෙකුට ඇරෙන්න,ලෙඩ වීම ඉදිරියේ, වසයට යෑම ඉදිරියේ, මරණය ඉදිරියේ කම්පා නො වී ශෝක නො වී නො තැවී ඉන්න බැහැ. ඒක තමයි ඇත්ත. ඒක ම යි ඇත්ත..

ඉතින් ඒ නිසා සමාජ තත්ව, බල තල,දැන උගත් කම්,මුදල් හදල්, මේ එකක්වත් ජීවිත යථාර්ථයට සාපේක්ෂව අර්ථවත් දේවල් වෙන්නෙ නෑ. වසයට යෑම ඉදිරියේ ලෙඩ වීම ඉදිරියේ, මරණය ඉදිරියේ, ශෝකය වැළපීම සුසුම් හෙලීම ඉදිරියේ ඒ හැම දෙයක් ම අර්ථ ශූන්ය දේවල්. හිස් දේවල්.

ඒ නිසා මෙලොව දී වගේ ම පරලොව දී ත් ශ්‍රේෂ්ඨ වන්නේ සත්වයා ව ශෝක වැළපීම් දුක් දොම්නස්වලින් එතෙර කරවන බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ම යි..

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: