subscribe

මා (නො) දුටු මගේ හිස් කබළ

මා (නො) දුටු මගේ හිස් කබළ

මා නොදුටු මගේ හිස් කබළ
කෙසේ මා තුළ ඇද්දැයි
මට හිතුන වාර අනන්තයි…

ඒත් ඉතින් දිවි ඇති තුරා
මා තුළ ම තිබ්බත්
මේ ඇස් දෙකෙන්
මගේ හිස් කබළ
සජීවී ව දකින්න බෑ නේ…

මෙහෙ ම මම හිතුව කියල
ආයිත් මතක් වුනා
අන්තර්ජාලයේ තිබුණ
මේ පින්තූරෙ දැකකට පස්සේ..

හිස්කබළ, මස් පිරිල හමෙන් වැහිල
තියෙද් දී කොයි තරම් ලස්සන ද?
බලන්න එපැයි රූප රාජිණියෝ…
ඒත් ඉතින් මේ හැමෝගෙ ම
මූණේ සමටයි මසටයි යටින්
මේ වගේ හිස්කබළක් නේ තියෙන්නේ…

මේ ටිකට ඉතින් අපේ අය වහ වැටිල, ඊට වඩා දෙයක් නෑ. ටික කාලෙකට මේකත් එක්ක විනෝද වෙලා ඉදලා මැරිල යනවා. ඊට පස්සෙ තවත් තැනක ඉපදිලා. ඔය ටික ම කරනවා. කවදද මේ පිස්සුව හොද වෙන්නේ. කවදද මේ ඇටසැකිළි නාඩගං නවතින්නේ. මේක අපිට තේරුණත් නැතත් ආයි ආයිමත් හැරි හැරී බලනව.. ප්‍රියංක චොප්ර හරි අයිශ්වර්ය හරි වගේ කෙනෙක් යන ගමන් පාරෙදි දැක්කොත්…!

ඔට්ටුයි…ඔබට වත් මට වත් ‘අනේ මෙන්න තවත් ඇටසැකිල්ලක්’ කියල මතක් වෙන එකක් නෑ ම යි.

කවදා නම් අපි මේ ශරීර වල ඇත්ත තත්වය දකිමුද?

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: