subscribe

‘වස්සානයේ බුදු ගුණ සුවඳ​’ :: 02

‘වස්සානයේ බුදු ගුණ සුවඳ​’ :: 02

පිපෙනා මලකට – ගලනා දොලකට – දැනෙනා බුදු ගුණ​
කළුගල් කුලකට – බොල් මැටි පිඬකට – දැනෙනා බුදු ගුණ​
ඉර හඳ දෙපලට – මේ මහ පොළොවට – දැනෙනා බුදු ගුණ​

61. ද්වේශ නසාලු මෙත් ගඟුලාණෙනි වන්දේ
62. සුගත අකම්පිත බුදු සමිඳාණෙනි වන්දේ
63. මෝහ විමෝහිත වීරනරාණෙනි වන්දේ
64. සම්මා සම්බුදු මුණිවරයාණෙනි වන්දේ
65. අහසින් වඩිනා බුදු සමිඳාණෙනි වන්දේ
66. දියමත වඩිනා ගුණමුහුදාණෙනි වන්දේ
67. මිහිකත සිඹිනා පායුගයාණෙනි වන්දේ
68. පිවිතුරු ආදරයේ මුනිඳාණෙනි වන්දේ
69. අප වෙත වඩිනා බුදු සමිඳාණෙනි වන්දේ
70. අප වෙත නෙත් හෙළනා මුනිඳාණෙනි වන්දේ
71. අපගේ දුක දකිනා මුනිඳාණෙනි වන්දේ
72. ඒ දුක දුරුකරනා මුනිඳාණෙනි වන්දේ
73. කඳුළැලි පිස දමනා මුනිඳාණෙනි වන්දේ
74. සැනසිලි බස් දොඩනා මුනිඳාණෙනි වන්දේ
75. හද සනසන බස් ඇති මුනිඳාණෙනි වන්දේ
76. අමා සිසිල බෙදනා මුනිඳාණෙනි වන්දේ
77. අමාමෑණි සම්බුදු සමිඳාණෙනි වන්දේ
78. නිවන් මඟම දෙසනා ඇදුරාණෙනි වන්දේ
79. මොක්සුව විඳිනා ධර්මරජාණෙනි වන්දේ
80. සීත නිවන් සුවදායකයාණෙනි වන්දේ
81. ලෝක සිවංකර භගවත් මුනිඳුනි වන්දේ
82. මහදට වඩිනා බුදුසමිඳාණෙනි වන්දේ
83. සසරින් මා මුදවන මුනිඳාණෙනි වන්දේ
85. නුවණැස පාදාලන දිනිඳාණෙනි වන්දේ
86. මායාවෙන් මුදවන නිදුකාණෙනි වන්දේ
87.ආලෝකය දෙන හිරුමඬලාණෙනි වන්දේ
88. ලෝකවිදු සම්බුදු සමිඳාණෙනි වන්දේ
89. දෙවියන්ටත් දෙවි වූ දෙවිඳාණෙනි වන්දේ
90. මහ බඹුටත් බඹු වූ ඉසුරාණෙනි වන්දේ
91. තුන් ලොවටම අග වූ විරුවාණෙනි වන්දේ
92. සුනිමල් පැහැසර වත කමලාණෙනි වන්දේ
93. සුනිල්වන් නුවන් යුග ඇතියාණෙනි වන්දේ
94. රන්වන් සුදු රැස් ඇති සිරුරාණෙනි වන්දේ
95. මන්මත් කරවන පුණ්‍යවතාණෙනි වන්දේ
96. සිවුරෙන් ගත සැරසූ මුනිඳාණෙනි වන්දේ
97. ලද දෙයකින් සැනසුන මුනිඳාණෙනි වන්දේ
98. රුක් සෙවනේ සැතපුන මුනිඳාණෙනි වන්දේ
99. අව්වැසි නොබලා වැඩි මුනිඳාණෙනි වන්දේ
100. ගමින් ගමට වැඩි බුදු සමිඳාණෙනි වන්දේ
102. රටින් රටට වැඩි භාග්‍යවතාණෙනි වන්දේ
103. හදින් හදට සැනසුම සැදුවාණෙනි වන්දේ
104. සසරින් එතෙරට වැඩි මුනිඳාණෙනි වන්දේ
105. කරුණාසීතල හදමඬලාණෙනි වන්දේ
106. විපතට පිළිසරනා බුදු හිමියනි වන්දේ
107. අඳුර දුරලනා සඳමඬලාණෙනි වන්දේ
108. ගිමන් සිඳුවනා මේඝවළාවෙනි වන්දේ
109. කිඳුරු දා කවේ දියකිඳුරාණෙනි වන්දේ
110. දිවිමග සනසන පුණ්‍යවතාණෙනි වන්දේ
111. සැමදා සැනසෙන භාග්‍යවතාණෙනි වන්දේ
112. සැමදා හිනැහෙන මුණිවරයාණෙනි වන්දේ
113. සැමදා සුවදෙන දම් ගඟුලාණෙනි වන්දේ
114. සැමදා බබලන හිරුමඬලාණෙනි වන්දේ
115. ලෝක සුපුජිත මෙත් ගඟුලාණෙනි වන්දේ
116. සොඳුරු මනෝහර සීලවතාණෙනි වන්දේ
117. විමුක්ති සුවදායක ඇදුරාණෙනි වන්දේ
118. සීත නිවන් දෙන භාග්‍යවතාණෙනි වන්දේ
119. පෙරුම් පුරා මනුලොව වැඩියාණෙනි වන්දේ
120. නිවන සොයා ගිය මුණිවරයාණෙනි වන්දේ
121. නිවන සොයා ගත් මුණිවරයාණෙනි වන්දේ
122. නිවන බෙදා දෙන මුණිවරයාණෙනි වන්දේ
123. නිවන් අම තෙරට වැඩි මුනිඳාණෙනි වන්දේ

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි..

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: